Instagram Stories, "Fleets" නමින් Twitter එකටත්

Instagram Stories, "Fleets" නමින් Twitter එකටත්

පැය 24ක් ඇතුළත මැකී යන Instagram Stories වගේම Feature එකක් මෑතකදී Twitter එකටත් හඳුන්වා දීලා තිබුණා. මේ Feature එක මුලින්ම ලබා දීලා තිබුණේ බ්‍රසීලයට, ඒ මේ වසරේ මාර්තු වලදි. ඉන් පසුව මේ feature එක ඉතාලිය වගේ රටවල් වලටත් හඳුන්වා දුන්නා. මීළඟට ඒක හඳුන්වාදෙන්නේ අපේ අසල්වැසි ඉන්දියාවටයි.

Twitter සමාඟම twitter හරහා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ අද දින එම feature එක ඉන්දියාවට ලබාදෙන බවයි.

Facebook, Instagram ආදී සමාජ ජාල වෙබ් අඩවි වල විදියටම Twitter feed එකට ඉහළින් bubbles ආකාරයට follow කරන අයගේ Fleets දැකබලාගන්න පුළුවන්. මේවාට පිවිසීමෙන් ඒ අයගේ Fleets කියවීම හෝ නැරඹීම සිදු කරන්නත් පුළුවන්. තිරය මත Swipe කිරීමෙන් ඊළඟ user විසින් දමන ලද Fleets නැරඹිය හැකියි.

අකුරු 280ක පමණ ලියවිල්ලක්, පින්තූර හෝ GIF, විනාඩි 2යි තත්පර 20කට නොවැඩි වීඩියෝ ආදිය මෙම feature එක යටතේ user ට ඇතුළත් කරන්න පුළුවන්. මේ Fleets තුළදි tag කරන්න, link දාන්න වගේම hashtags ඇතුළත් කරන්නත් පුළුවන්.

Stories යනුවෙන් බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ මෙම සේවාව Facebook, Instagram, Whatsapp ආදී සියළු සමාජ වෙබ් අඩවි වල ඇතුළත් වන අතර එදිනෙදා බොහෝ දෙනා අතර භාවිතා වන සේවාවකි. මෙතෙක් Twitter ආයතනය පමණක් මෙවැනි හඳුන්වාදීමක් සිදු කිරීමෙන් වැළකී සිටි අතර අවසානයේ Twitter සමාගමද එවැනිම සේවාවක් හඳුන්වාදී ඇත. ඉදිරියේදී ඔබටත්, මටත් මෙම සේවාව දැකබලාගත හැකි වනු ඇත.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara