Twitterහි Direct Messages සඳහා End-to-End Encrypt තාක්ෂණය ලබා දිය යුතු බව Twitterහි නව හිමිකරු Elon Musk විසින් ප්‍රකාශ කර​යි

Twitterහි Direct Messages සඳහා End-to-End Encrypt තාක්ෂණය ලබා දිය යුතු බව Twitterහි නව හිමිකරු Elon Musk විසින් ප්‍රකාශ කර​යි

Elon Musk විසින් ඩොලර් බිලියන 44 කට Twitter මිලදී ගත් බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ වගේම, මෑතක සිට Twitter වෙත බොහෝ නව විශේෂාංග එකතු කිරීමට කටයුතු කළ අතර, පරිශීලකයින්ගේ අමතර ආරක්ෂාව සඳහා Twitter හි DM Messages සදහා End to end Encrypt පහසුකම ලබා දිමටත් සූදානම් වනවා.

Twitter හි DM Messages සඳහා වැදගත් වෙනසක් පිළිබඳ ඉඟියක් Elon Musk විසින් Tweet එකක් පළ කරමින් ප්‍රකාශ කර සිටි අතර ඒ Twitter හි DM Messages වෙනත් අයෙකු කියවීමෙන් වලක්වා ගැනීම සඳහා End to end encrypt කළ යුතු බවයි.

WhatsApp, Microsoft Teams, Signal, Telegram සහ වෙනත් සෑම සන්නිවේදන වේදිකාවකම End to End Encrypted පහසුකම භාවිත වන අතර Twitter DMs සදහා End to End Encrypted පහසුකම ලබා දිමට මෙතෙක් කකටයුතු කර ⁣නොමැති වෙනවා. මෙයින් අදහස් කරන්නේ Twitter සමාගම හට ඔවුන්ගේ අරමුණු සඳහා පරිශීලකයන්ගේ DM Messages පහසුවෙන් කියවිය හැකි බවයි. සත්‍ය වශයෙන්ම, Twitter  සමාගම විසින් මෙය පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, Elon සමඟින් අනාගත දිනයකදී Twitter හී DM Messages සඳහා End to End Encrypt  පහසුකම හදුන්වා දෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මේ පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු හෙළිවී නොමැති අතර, ඉදිරියේදි මේ පිළිබඳ වැඩි තොරතුරු බලාපොරොත්තු විමේ හැකියාව තිබෙනවා.

Source - Beebom

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna
Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

පසුගියදා පැවති Google I/O Event එක සමඟින් Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android Version එක වන Android 15 පිළිබඳව වු සියලුම කරුණු මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

By Bhasura Nuwan Kularathna