Twitter Blue නම් paid subscription පහසුකමක් Twitter වෙත හඳුන්වාදීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ

Twitter Blue නම් paid subscription පහසුකමක් Twitter වෙත හඳුන්වාදීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ

පසුගිය වසරේ ජුලි මාසයේ සිට Twitter සමාගම විසින් ඔවුන්ගේ අඩවිය සඳහා මුදල් ගෙවීමට ඉදිරිපත් වන පිරිස සඳහා මෙතෙක් නොතිබූ නව සේවාවන් රැසක් හඳුන්වාදීමට කටයුතු සකසමින් පවතින බව අනාවරණය විය.

එමෙන්ම Twitter Spaces, Voice DMs ආදී නොමිලේ ලබාදෙන නව සේවාවන් කීපයක්ද මෑතකදී Twitter වෙත හදුන්වා දෙන ලදි. මේ සියල්ල අතරතුර Twitter Blue නමින් මුදල් ගෙවා subscribe විය හැකි නව subscription සේවාවක්ද ඔවුන් විසින් හඳුන්වා දීමට යන බව මේ වන විට හෙළිදරව් වෙමින් පවතී.

මෙම අනාවරණය සිදු කර ඇත්තේ Jane Manchum Wong නමැති කාන්තාවක් වන අතර ඇය මීට පෙර Twitter Bookmark Collections නම් සේවාව පිළිබඳ හෙළිදරව්වක් ද සිදු කරන ලදි. ඇය අනාවරණය කළ තොරතුරු අනුව මෙම Twitter Blue නම් subscription සේවාව සඳහා මසකට $2.99 පමණ අය කෙරෙනු ඇති අතර, ඒ සමඟ Premium පාරිභෝගික පිරිස සඳහා Undo Tweets පහසුකම ලබා දෙනු ඇත.

Twitter හි දැනටමත් Bookmarks නම් යෙදවුම ලබා දී ඇති අතර, අලුතින් හඳුන්වාදීමට යන Collection සේවාව මඟින් ඔබට අවශ්‍ය Twitter පණිවුඩ Folders වශයෙන් වෙන වෙනම තබා ගැනීමේ පහසුකම ලබා දේ. මෙම Collections පහසුකම වටිනා අංගයක් බව ඔබ දැනටමටත් Twitter හි Bookmarks භාවිතා කරන පරිශීලකයෙක් නම් වැටහෙනු ඇත. එමෙන්ම, මෙම Bookmarks ඔබට අවශ්‍ය ලෙස Filter කිරීමට සහ සෙවුම් සිදු කිරීමේ (Search කිරීමේ) පහසුකම් තවමත් ලබා දී නොමැති මුත් Twitter Blue සේවාව හඳුන්වාදීමට පෙර එම පහසුකම් ලබාදෙනු ඇති බව අනුමාන කෙරේ.

Twitter විසින් හඳුන්වාදීමට නියමිත Undo Send button එකෙහි ක්‍රියාකාරිත්වය මෙසේ යැයි නිගමනය කර ඇත. ඔබට Undo පහසුකම භාවිතා කළ යුතු සේවාවන් ඔබ මුලින් තෝරාගත යුතුය. උදාහරණයක් ලෙස, ඔබ සාමාන්‍ය Twitter පණිවුඩ සහ Reply සඳහා මෙම පහසුකම තෝරා ඇති විට Threads සහ Quote Tweets සඳහා මෙය අක්‍රීය වේ.  එමෙන්ම යම් Twitter පණිවිඩයක් Undo කිරීම සඳහා ඔබට හිමි වන්නේ තත්පර 30ක් වැනි කාලයකි.

ලාංකීය අන්තර්ජාල පරිශීලක පිරිස අතර එතරම් ජනප්‍රිය නැතත්, ලොව පුරා අතිශය ජනප්‍රිය සේවාවක් ලෙස Twitter හඳුන්වාදිය හැක. මෙවැනි මුදලක් වියදම් කර Twitter Blue premium සේවාව ලබා ගැනීම ලාංකීය අන්තර්ජාල පරිශීලකයෙක් ලෙස ඔබ දකින්නේ කෙසේද?

Source - beebom.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara