ලොව අංක එකේ Video Streaming සේවාවක් වන "Twitch" සේවාව Hack කර ඇති බවට තොරතුරු වාර්තා වේ

ලොව අංක එකේ Video Streaming සේවාවක් වන "Twitch" සේවාව Hack කර ඇති බවට තොරතුරු වාර්තා වේ

ලොව සුප්‍රසිද්ධ Streaming Service එකක් වන Twitch වෙත දරුණු ගණයේ ප්‍රහාරයක් (Hacking Attack) එල්ල වී ඇති බව Twitch සමාගම සඳහන් කරයි. මෙම ප්‍රහාරය මඟින් සමාගමේ Video live streaming service හි Source Code පවා හැකර්වරුන් ලබාගෙන ඇති බව තවදුරටත් වාර්තා වේ.

Video Games Chronicle මඟින් ප්‍රථමයෙන්ම මේ සම්බන්ධව වාර්තා කර අතර එහිදී අනන්‍යතාවය හඳුනාගත නොහැකි පරිශීලකයෙකු විසින් Twitch සමාගමේ දත්ත 128GB ක ප්‍රමාණයක් Torrent Files ආකාරයෙන් නිකුත් කර ඇති බව සඳහන් කරනු ලැබීය. මේ වන විට Twitch විසින් තව නිල Twitter ගිණුම මඟින් මේ පිළිබඳව තහවුරු කර තිබේ.

මේ වන විට සඳහන්ව ඇති ආකාරයට 128GB ප්‍රමාණයක දත්ත නාඳුනන පුද්ගලයෙකු විසින් Leak කර ඇති අතර එම දත්ත අතර ඉතා අධිසංවේදී දත්තද ඇතුලත් වේ. එසේම මේ වන විටත් එම 128GB ක අධිසංවේදී Leak Data ගොනුව සජීවීව අන්තර්ජාලයේ පවතියි. එම නිකුත් වී ඇති දත්ත වලින් කිහිපයක් ලෙස,

  1. Twitch.tv සමාගමේ ආරම්භයේ සිට පැවත එන ලද දත්ත
  2. Twitch සමාගමේ පරිශීලකයින්ගේ Mobile, desktop and video game console
  3. Twitch සමාගම භාවිත කරන SDK සහ සමාගමේ අභ්‍යන්තර AWS සේවා
  4. IGDB සහ CurseForge ඇතුලත්ව Twitch සතු අතිවිශාල දේපළ ප්‍රමාණයක්
  5. Amazon Game Studios විසින් නිකුත් නොකරන ලද සංවේදී දත්තයන්
  6. Twitch හි SOC internal red teaming tools ද ඇතුලත් බව වාර්තා වේ.

මෙහිදී වඩාත් සැලකිය යුතු කරුණ නම් Amazon Game Studio විසින් තවමත් නිකුත් නොකළ Vapor නම් Steam Competitor සම්බන්ධ දත්තයන්ද Leak වී තිබීමයි. මෙම Leak වූ දත්ත සම්බන්ධව මේ වන විට සියලුම දෙනා විමතියට පත්ව සිටින බවට කිසිදු සැකයක් නොමැත.

මේ වන විට නිකුත් වී ඇති දත්ත අතර පරිශීලක Account information සහ encrypted passwords ද ඇතුළත් විය හැකිය. එබැවින් Android වැඩකාරයෝ අපි ඔබේ ආරක්ෂාව පතා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ලෙස හැකි ඉක්මනින් ඔබේ Twitch ගිණුමේ මුරපද (Password) වෙනස් කරන ලෙසත් two factor authentication මගින් ආරක්ෂිව තහවුරු කරගන්නා ලෙසත් ඉල්ලා සිටියි.

ඔ​බගේ අන්තර්ජාලීය ආරක්ෂාව පිළිබඳව ඔබට නිරන්තරයෙන් මතක් කර දීම Android වැඩකාරයෝ අපේ යුතුකමක් හා වගකීමක් බව අපි දනිමු.

Source: Beebom

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara