Tweets සඳහා Videos, images, ස​හ GIFs එකට භාවිතා කල හැ​කි Mixed Media විශේෂාංගය ලබා ​දේ

Tweets සඳහා Videos, images, ස​හ GIFs එකට භාවිතා කල හැ​කි Mixed Media විශේෂාංගය ලබා ​දේ

Twitter ගිණුමක් පවත්වාගෙන යනු ලබන සියල්ලන් සඳහාම ඔවුන් twitter හරහා ලබාගන්නා අත්දැකීම තවදුරටත් තීව්‍ර කිරීමේ පියවරක් වශයෙන් අද දින එනම් ඔක්තෝබර් 5 වන දින Mixed Media පහසුකම ලබා දුන් බව එම සමාගම විසින් නිවේදනය කර ඇත.

Mixed Media මගින් සැලසෙන්නේ twitter ගිණුමක් භාවිතා කරන පරිශීලකයෙකු හට ඔහු විසින් පළකරන එක twitter පණිවුඩයක් සඳහා වීඩියෝ, ඡායාරූප මෙන්ම GIF යන සියල්ලම වුව ද ඇතුලත් කළ හැකි වීමයි. මෙහිදී උපරිමය ලෙස වීඩියෝ 4ක් ඇතුලත් කිරීමට පහසුකම සලසා ඇත. මෙම විශේෂාංග සිදුකළ හැක්කේ Android හෝ iOS යන මාධ්‍යයන් දෙකෙන් පමණක් වීමද විශේෂත්වයකි.

තවද මෙහි දී එලෙස පළකරන tweets නැරඹීම සිදුකරන පරිශීලකයා හෝ ඔහු භාවිතා කරන උපාංගය මත මෙම පහසුකම වෙනස් නොවේ. එනම් ජංගම දුරකථනයකින්, ඩෙස්ක්ටොප් පරිඝණයකින්, වෙබ් අඩවියෙන් මෙන් ම තෙවන පාර්ශවීය යෙදවුමකින් නැරඹීමෙන් වුවද මෙම පහසුක​ම අත්විඳිය හැක.

ලොව සිටින ඉතාමත් ජනප්‍රිය මෙන්ම අධික ප්‍රේක්ෂක ප්‍රසාදයට හිමිකම් දරන නිර්මාණකරුවන් හට මෙම mixed media පහසුකම යටතේ තම අදහස් ඉතාමත් නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන බව twitter සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Sources: Twitter

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna