TV දෙරණ YouTube channel එක Hack කරලාද?

TV දෙරණ YouTube channel එක Hack කරලාද?

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් වන දෙරණ නාලිකාවට අයත් YouTube චැනලයක් වන "TV Derana" YouTube චැනලය අද පස්වරුවේ යම්කිසි හදුනා නොගත් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් ඔවුන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට සමත් වී තිබෙනවා.

මේ බව දෙරණ නාලිකාවේ සභාපති වන Dilith Jayaweera මහතා විසින් ඔහුගේ නිල Facebook පිටුවේ සටහනක් තබමින් තහවුරු කර තිබෙනවා.

මීට අමතරව ග්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සමාජ ජාලා විශ්ලේෂකයෙකු වන සජීව දිසානායක මහතා විසින්ද මෙය තහවුරු කරමින් Facebook පණිවුඩයක් පල කර තිබුනේ පහත පරිදිය.

මෙම පිරිස විසින් චැනලයට අයත් Logo එක සහ Description එක වෙනස් කොට ඇති අතර Cryptocurrency පිළිබඳව විකාශය වන Live වැඩසටහනක් චැනලය හරහා එහි මිලියන 3ක් පමණ වන ප්‍රේක්ෂකයින් වෙත විකාශය කරමින් සිටිනවා.

Update

මේ වන විට "TV Derana" YouTube චැනලය Crypto News යනුවෙන් නම් කර ඇති අතර දෙරණ නාලිකාව YouTube සමාගම සමග එකතුවී චැනලය නැවතත් යථාතත්වයට ගැනීමට කටයුතු කරන බව වාර්තා වෙනවා.

එමෙන්ම මේ වන විට වේගයෙන් පැතිර යන පුවතක් තමයි Stream key එකක් හරහා මේ දේ සිදුකලා යන්න වග. නමුත් Stream key එකක් හරහා YouTube channel එකක නමක් වෙනස් කිරීම සිදු කල ඇකි ක්‍රමයක් නොමැති අතර එලෙස පැතිර යන පුවත් සාවධ්‍ය පුවත් වේ.

August 30, 2021 - YouTube channel එක නැවත යතා තත්වයට ගැනීමට TVDerana කණ්ඩායම සමත් වී ඇත.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna