පෙබරවාරි 21 වන දින Donald Trumpගේ නවතම සමාජ ජාලය iOS පරිශීලකයන් සඳහා එලිදැක්වීමේ සූදානමක් ඇතැයි තොරතුරු වාර්තා ​වේ

පෙබරවාරි 21 වන දින Donald Trumpගේ නවතම සමාජ ජාලය iOS පරිශීලකයන් සඳහා එලිදැක්වීමේ සූදානමක් ඇතැයි තොරතුරු වාර්තා ​වේ

ඔබට මතක ඇති මීට පෙර අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා හිටපු ඇමරිකානු ජනාධිපති Donald Trump මහතා විසින් Truth Social නමින් ඔහුගේම සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කිරිමට සුදානමින් සිටින බව.

ඒ අනුව මේ Truth Social නම් නව සමාජ මාධ්‍ය ජාලය එළඹෙන පෙබරවාරි මස 21 වෙනි දින iOS Devices සදහා නිකුත් කිරිමට නියමිතව පවතිනවා. මෙය Trump Media and Technology Group (TMTG) එක විසින් නිර්මාණය කර තිබෙනවා.

නව සමාජ මාධ්‍ය ජාලයක් ලෙස හැදින්වුව ද මේ Truth Social සමාජ මාධ්‍ය ජාලය Twitter සමාජ මාධ්‍ය ජාලයේම පිටපත් ලෙස දැනට App Store හි පළ කර තිබෙන Photos අනුව හදුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මෙය මුලින් Invite Only ලෙස ක්‍රියාත්මක වෙන සමාජ මාධ්‍ය ජාලයක් ලෙස හදුන්වා දෙනු ඇතැයි වාර්තා වු අතර ඒ පිළිබඳ තවමත් වෙනත් තොරතුරු කිසිවක් වාර්තා නොවන අතර මෙය බොහෝ දුරට Invite Only සමාජ මාධ්‍ය ජාලයක් ලෙස ක්‍රියාත්මක විමට ඉඩ තිබෙනවා.

එමෙන්ම පෙබරවාරි 21 දින සිට iPhone Usersලා සදහා භාවිත කිරිමට අවස්ථාව ලැබෙන අතර මෙය භාවිත කිරිමට Android Usersලාට ලැබෙන්නේ කවදා ද යන්න පිළිබඳ තවමත් තොරතුරු වාර්තා විමක් සිදු වි නොමැති වෙනවා.

Source : The Verge

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna