හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරි මාස කිහිපය තුල නව සමාජ ජාලයක් එලි දැක්වීමට සූදානම් වේ

හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරි මාස කිහිපය තුල නව සමාජ ජාලයක් එලි දැක්වීමට සූදානම් වේ

ඔබට මතක ඇති පසුගිය සමයේ ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) විසින් සිදු කරන ලද ප්‍රකාශ කිහිපයක් නිසා ඔහුට සියලුම සමාජ මාධ්‍ය වෙබ් අඩවි වෙතට පිවිසිමට ඇති හැකියාව අවහිර කිරිමට ඒ ඒ සමාජ මාධ්‍ය වෙබ්අඩවි කටයුතු කරනු ලැබුවා.

ලැබෙන නවතම තොරතුරුවලට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ වෙන විට ඔහුගේම සමාජ මාධ්‍ය වෙබ්අඩවියක් ආරම්භ කිරිමට සුදානම් වෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහයකයෙකු වෙන ජේසන් මිලර් (Jason Miller) මහතා The Fox News Interview එකකට සහභාගි වෙමින් මිලග මාස කිහිපය තුළ හිටපු ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ඔහුගේම සමාජ මාධ්‍ය වෙබ්අඩවියක් ආරම්භ කිරිමට සුදානමින් සිටින බවට ප්‍රකාශ කර තිබෙනවා.

මෙලෙසින් ඇමරිකානු හිටපු ජනාධිපතිවරයා Facebook හා Twitter මගින් Ban කිරිමට හේතු වි තිබුණේ, ඔහුගේ අධාරකරුවන් ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩෙන්ට (Joe Biden) විරුද්ධව ගෙන යන අරගල සදහා සමාජ මාධ්‍ය භාවිත කර අනුබල ලබා දිමයි. හිටපු ඇමරිකානු ජනාධිපතිවරයාට එම සමාජ මාධ්‍ය තහනම් වු පසු ඔහුගේ අධාරකරුවන් මිලියන ගණනක් ද Facebook හා Twitter ආදියෙන් ඉවත් විමට කටයුතු කරනු ලැබුවා.

ඇමරිකානු හිටපු ජනාධිපතිවරයා විසින් ආරම්භ කිරිමට නියමිත මේ නව Social Network එක පිළිබඳ නිශ්චිත තොරතුරු තවමත් නොමැති ඇති අතර ඔහුට මෙලෙස ඔහුගේම සමාජ මාධ්‍ය වෙබ්අඩවියක් නිර්මාණය කිරිමට ඉතා ශක්තිමත් පදනමක් තිබිය යුතු වෙනවා. නැතිනම් මේ තුලිනුත් ඔහු අතිශය නින්දාවට පත්වෙන බව නිසකව පැවසිය හැකියි.

Source : Gizmochina, The Fox

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna