ඇත්තටම මොකක්ද මේ Tesla site එක down කරපු "Short Shorts" වල කතාව?

ඇත්තටම මොකක්ද මේ Tesla site එක down කරපු "Short Shorts" වල කතාව?

මුලින්ම කියන්න ඕනේ, මේ කියන්න යන්නේ ටෙක් නිව්ස් එකක් නම් නෙවෙයි. ඒ උනත් Tesla website එක down උන එක tech news එකක් නිසා අපි ඊයේ ඒක ඔයාට අරගෙන ආවා. ඒත් ඇයි Elon Musk හදිස්සියේම මේ විදිහට කොට කලිසම් විකිණුවේ? ඒක ගැන තමයි මේ අද අපි අරගෙන එන්නේ.

Elon Muskට අයත් Tesla සමාඟමේ කොටස් අගය පසුගිය අඟහරුවාදා උදෑසන වන විට ඩොලර් 1400 ක් බවට ඉතිහාසයේ පළමුවරට පත් වීය. එය සතියකට පෙර පැවති අගය මෙන් 50% කට ආසන්න වැඩි වීමකි. එය මෙතෙක් පැවති අගයන් සැමටම වඩා වැඩි ය.

Tesla සමාඟම විශ්වාස කරන ආකාරයට, Tesla සමාඟමේ මූලිකම සතුරන් වන්නේ "shorts" ලෙසින් හඳුන්වන පිරිසයි. මෙලෙස shorts ලෙස හඳුන්වන්නේ කොටස් වෙළඳපලේ ඉදිරි විකිණුම් සිදු කරන පිරිසයි. ඉදිරි විකිණුම් සිදු කිරීම හෙවත් short-selling යනු යම් සමාඟමක පහළ යන මිළ සහිත කොටස් වලින් ලාභ උපයන ක්‍රමයකි. මෙම ක්‍රමය අනුගමනය කරන පිරිසට ලාභ ලැබීමට නම්, කොටස් වෙලඳපලේ කොටස් වල අගය පහළ යා යුතුය. මෙම short selling සිදු කරන පිරිස හැඳින්වීම සඳහා කෙටියෙන් shorts යන යෙදුම භාවිතා වේ.

Tesla සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් නිතරම පාහේ මෙම shorts ලෙසින් හඳුන්වන පිරිස සරදමට ලක් කළේ ඔහුගේ සමාඟමේ ඉහළ යන කොටස් වටිනාකම නිසා ය. ඔහුගේ මෙම සරදමේ වල ආසන්නතම සහ වඩාත් කතාබහට ලක් වූ සරදම වන්නේ ඔහු විසින් Tesla සමාඟම හරහා short shorts නොහොත් කොට කලිසම් විකිණීමට යන බව Twitter හරහා ප්‍රකාශයට පත් කිරීමයි.

මෙම Shorts විකිණීමට දැමූ Tesla අඩවිය පවා අවහිර වන තරමට ලොව දස අතින් ඇණවුම් පැමිණෙන්නට විය. $69.42 ක් ලෙස මිළ සටහන් වූ මෙම කොට කලිසම් අඟහරුවාදා උදෑසන වන විට විකිණී අවසන් විය. මෙම කොට කලිසම් ගැන වැඩිදුර තොරතුරු පසුගියදා අප අඩවියේ වාර්තා කරන ලදි.

පසුගිය covid-19 වසංගත සමයේ ලොව බොහෝ ආයතන වලට දුර්භාග්‍ය උදාවූ අතර බොහෝ මෝටර් රථ සමාඟම් වලද විකිණුම් බොහෝ පහත වැටෙන ලදි. නමුත් Tesla සමාඟමේ එය අඩු වූයේ 5% කින් පමණි.

පසුගිය සතියේදී Toyota සමාඟම පරදවමින් ලොව වටිනාම මෝටර් රථ සමාඟම බවට Tesla පත් විය. Wall Street ජර්නලයේ දැක්වෙන ආකාරයට දැන් Tesla සමාඟමේ වටිනාකම ඩොලර් බිලියන 250 ක් වන අතර, Toyota සමාඟමේ වටිනාකම වන්නේ ඩොලර් බිලියන 205කි. නමුත් Toyota සමාඟම පසුගිය වසරේ මෝටර් රථ මිලියන 10.7ක් පමණ විකුණා ඇතත් Tesla සමාඟම විකුණා ඇත්තේ මෝටර් රථ 360,000 ක් පමණි.

Tesla සමාඟමට විශාල අනාගත සැලසුම් ඇත. මෑතකදී ඔවුන් චීනයේ කර්මාන්තශාලාවක් විවෘත කළ අතර, මීළඟ වසර කීපය ඇතුළත ජර්මනියේ ද කර්මාන්තශාලාවක් විවෘත කිරීමට සැලසුම් සකස් කරමින් පවතී. නිළ නොවන ආරංචි මාර්ග වල දැක්වෙන පරිදි, නුදුරේම ඇමරිකාවේ Texas හි ඉදිවෙන නව Tesla කර්මාන්තශාලාවක් පිළිබඳ Tesla සමාඟම විසින් නිවේදනයක් නිකුත් කිරීමට සූදානම් වේ. ඉදිරියේදී, Tesla Model Y, Cybertruck සහ යාවත්කාලීන කළ Tesla Roadster sports වර්ගයේ මෝටර් රථය ආදී රථ නිපදවීම සඳහා Tesla සමාඟමට වැඩි කර්මාන්තශාලා පරිමාවක් අවශ්‍ය වේ.

පෙනී යන ආකාරයට, Tesla මෝටර් රථ සමාඟමට ඇත්තේ පැහැදිලි අනාගතයකි.

මෙහි ඇති හොඳම කතාව නම්, මේ shorts පිටුපස S3XY යන්න සටහන් කොට ඇති අතර ඒ දැනට වෙළඳපොලේ ඇති ටෙස්ලා මාදිලි හතරේ පෙල ගැස්මයි

  • Model S
  • Model 3
  • Model X
  • Model Y

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara