TRCSL විසින් WhatsApp පරිශීලකයන් වෙත SCAM එකක් පිළිබඳ විශේෂ පණිවුඩයක්

TRCSL විසින් WhatsApp පරිශීලකයන් වෙත SCAM එකක් පිළිබඳ විශේෂ පණිවුඩයක්

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් WhatsApp පරිශිලකයින් සදහා විශේෂ දැනුම්වත් කිරිමක් ඔවුන්ගේ නිල Twitter හා Facebook ගිණුම් ඔස්සේ නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව ඔබ වෙත වැරදිමකින් අංක 06කින් සමන්විත කේතයක් සහිත පණිවිඩයක් ලැබි ඇති බව පවසමින් WhatsApp පණිවිඩයක් ලැබෙන අතර ඒ සදහා ප්‍රතිචාර දැක්විමෙන් වැලකිය යුතු වෙනවා. එමෙන්ම එලෙස ලැබෙන WhatsApp පණිවිඩය ඔබ දන්නා පුද්ගලයකුගෙන් ඔබ වෙත ලැබුණේ නම් එම අවස්ථාවේදි ම අදාලා පුද්ගලයා දැනුම්වත් කිරිමට කටයුතු කරන ලෙසත් ඔවුන් දක්වා තිබෙනවා.

ඔවුන් විසින් වැඩිදුරටත් දැනුම් දි තිබෙන්නේ Whatsappහි Two Factor Authentication සක්‍රීය කර ගන්නා ලෙසයි.

WhatsApp Two Factor Authentication Active කර ගන්න විදිහ මෙතනින් බලන්න.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna