දුම්රිය ආසන කලින් වෙන් කර ගැනිමේ සේවාව මුලුමනින්ම මාර්ගගතව සිදු කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව කටයුතු කරයි

ඊයේ (14) සවස සිට මෙම ආසන වෙන් කරවා ගැනිමේ සේවාව මාර්ගගත ක්‍රමයට පමණක් ලබා ගත හැකි වන බව නිවේදනය කර තිබෙනවා.

දුම්රිය ආසන කලින් වෙන් කර ගැනිමේ සේවාව මුලුමනින්ම මාර්ගගතව සිදු කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව කටයුතු කරයි

පසුගිය 2022 වසරේදී ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව සහ SLT-MOBITEL සමාගම විසින් Online ක්‍රමයෙන් දුම්රිය ආසන වෙන් කරවා ගැනිමේ හැකියාව පළමු වරට මෙරටට හඳුන්වා දෙනු ලැබුවා. එහි පළමු පියවර ලෙස ආසන වෙන කරවා ගැනීම සඳහා Sri Lanka Railway Reservation වෙබ් අඩවිය හඳුන්වා දුන් අතර ඉන් පසුව මේ සඳහා Sri Lanka Railway Reservation නමින් App එකක් Android පරිශිලකයින් සඳහා සහ Huawei පරිශිලකයින් සඳහාත් හඳුන්වා දෙනු ලැබුවා. එහිදි iOS පරිශිලකයින් සඳහා ද එම App එක ලබා දෙන බව සඳහන් වුවත් තවමත් iOS පරිශිලකයික් සඳහා එම App එක හඳුන්වා දීමට නොහැකි වි තිබෙනවා.

Image - SLT-MOBITEL

මෙලෙස ආසන වෙන් කරවා ගැනිමේ සේවාව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මීට පෙර දුම්රිය ස්ථානයට පිවිස (60% පමණ ආසන) සහ මාර්ගගත ආකාරයට (40% පමණ ආසන) කර ගැනිමේ හැකියාව ලබා දී තිබුණ අතර ඊයේ (14) සවස සිට මෙම ආසන වෙන් කරවා ගැනිමේ සේවාව සම්පුර්ණයෙන්ම (100% ආසන) මාර්ගගත ක්‍රමයට ලබා ගත හැකි වන බව නිවේදනය කර තිබෙනවා. ඒ වගේම අවශ්‍ය නම් සුපුරුදු පරිදිම දුම්රිය ස්ථානයට ගොස් ආසන වෙන් කර ගැනීමේ සේවය ලබා ගැනිමේ හැකියාවත් තිබෙනවා. මීට පෙර මෙලෙස මාර්ගගතව ආසන වෙන් කිරීමෙන් පසු දුම්රිය ස්‍ථානයකින් ප්‍රවේශ පත්‍ර ලබා ගත යුතු වුවද ඊයේ සිට එලෙස එලෙස ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන බවත්, මාර්ගගතව ලබා ගත් ප්‍රවේශ පත්‍රය ප්‍රමාණවත් බවත් දැක්වෙනවා.

Image - DepartmentOfGovernmentInformation

ඒ අනුව Sri Lanka Railway Reservation වෙබ් අඩවිය, Sri Lanka Railway Reservation Android App එක, Sri Lanka Railway Reservation Huawei App එක සහ දුරකථන ජාල හරහා ආසන වෙන් කරවා ගැනීමට ඔවුන් හඳුන්වා දී ඇති අංකයන් ඇමතීමෙන් ද මෙම ආසන වෙන් කර ගැනිමේ සේවාව ලබා ගත හැකි වනවා.

එමෙන්ම මේ පිළිබඳව වැඩි දුරටත් දක්වා තිබෙන්නේ මෙම මාර්ගගත සේවාව ඔස්සේ සාමාන්‍ය පරිදි දුම්රිය ආසන වෙන් කර ගැනීම මෙන්ම රජයේ සේවකයන්ට ලබා දෙන වොරන්ට් බලපත්‍ර මඟින්ද මේ හරහාම ආසන වෙන් කර ගැනීමේ අවස්ථාව ලබා දී ඇති බවයි.


මෙලෙස ආසන වෙන් කිරීමේදී ඔබ වෙන් කිරීමට බලාපොරොත්තු වන දුම්රිය ආසන වර්ගය පිළිබඳව තොරතුරු ලබා ගැනීමට RDMNS.LK App එක භාවිත කල හැකියි.

ඒ ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ ගාස්තු, දුම්රිය මැදිරි තුළට පිවිස නැරඹිමේ හැකියාව, ඡායරුප දර්ශන, ආසන වර්ගය, ආසන අංකය, දුම්රිය ආසන වෙන් කිරීම සඳහා උපදෙස් ආදී තවත් බොහෝ සේවාවන් රැසක් ලබා ගත හැකි වනවා.

එමෙන්ම මේ App එක ඔස්සේ දුම්රිය ධාවනය පිළිබඳව වු සජීවි සවිස්තරාත්මක දුම්රිය කාල සටහන ද භාවිත කළ හැකි වනවා.

Source: DepartmentOfGovernmentInformation

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara