ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් භාවිතා කරන දුම්රිය වර්ග

මෙම ලිපි පෙල මා ඉදිරිපත් කිරීමට බළාපොරොත්තුවන්නේ ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ ආරම්භක මොහොතේ පටන් නොව දුම්රිය එන්ජින් පිළිබදවූ විස්තර සමගින්.

ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් භාවිතා කරන දුම්රිය වර්ග

ඔබ මම සැවොම දුර ගමනක් බිමනක් යෑමට හෝ දිනපතා රාජකාරිය සදහා පිටත් වීමට බොහෝවිට කැමැත්තක් තියනව දුම්රියක් භාවිතා කරන්න.

දුම්රියෙන් ගමන් යෑමේදි තිබෙන පහසුවත්. තදබදයකින් තොරවීමත් නිසා බොහෝ දෙනා ඇලුම් කරනව දුම්රියෙන් තමන්ගේ වැඩ කටයුතු සලසා ගන්න.

නමුත් අප කීයෙන් කීදෙනාද දන්නේ අපගේ දුම්රිය ඉතිහාසය ගැන. ලංකාවේ භාවිතාවන දුම්රිය එන්ජින් පිළිබදව? ඉතින් මා ද ඇතුළුව බොහෝමයක් දුම්රියට ඇළුම් කරන පිරිසක් සිටිනව මේ ලංකාව තුල. ඔවුන් අන්තර්ජාලයේහි පළකරන දුම්රියයන් පිළිබදවූ විස්තර සහ මා දන්නා විස්තරාදිය මිටින් ගෙන. ඔබ වෙත ඉදිරිපත් කරන්නයි ගුරාගේ මීළග වෑයම.

නමුත් මෙම ලිපි පෙල මා ඉදිරිපත් කිරීමට බළාපොරොත්තුවන්නේ ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ ආරම්භක මොහොතේ පටන් නොව දුම්රිය එන්ජින් පිළිබදවූ විස්තර සමගින්.

ශ්‍රී ලංකාව තුල මේ වනවිට භාවිතා වන දුම්රිය එන්ජින් සංඛ්‍යාව තුන් සියයකට ආසන්නයි. ඉතින් මේ එන්ජින් වර්ග ගත් කල ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම එක් එක් එන්ජින් වර්ගය වෙන්කර හදුනාගැනීමේ පහසුව උදෙසා නාමකරණය සහ සoඛ්‍යාවන් ලබාදී තිබෙනවා

ඉතිහාසය දෙස මදක් හැරී බැලීමේදි පෙනීයනව අප හට දුම්රිය දෙපාර්තමේන්තුව මගින් 1911 දක්වා මෙරටට ගෙන්වපු වාෂ්ප දුම්රිය එන්ජින් සියල්ලටම සංඛ්‍යාවන් ලබාදුන්නේ නොම්බර 1 සිට.

1911 වසරින් පසුව 161 පමණ වූ එම එන්ජින් ධාවනයෙන් ඉවත් කිරීමේදී අලුතින් ධාවනයට එක් කරන එන්ජිම සදහා ධාවනයෙන් ඉවත් කළ එන්ජිමේ අoකය සහ එයට R යනුවෙන් කොටසක් එක් කිරීමට තීරණය කළා. ඒ Replacement යන ඉංග්‍රීසි වචනයෙහි මුල් අකුර ලෙස. ඒ සමගම ධාවනයෙහි යෙදෙන පළමු එන්ජින් සියල්ලටම අලුතින් O අකුරක් එක්වුනා.ඒ OLD යන්න තේරුම් කිරීම පිණිස බව මගේ හැගීමයි.(වැරදි නම් මා නිවරැදි කරන්න).

නමුත් කාළයාගේ ඇවෑමත් සමගම 1928 පමණ වෙද්දි එම R සහ O යනුවෙන් වර්ග කිරීම නවතා දමා නො 249 සිට ඉදිරියට නව එන්ජින් සියල්ලම අංක කිරීමට වූවා. 1951 පමණ වෙද්දි ශ්‍රී ලංකාව තම අවසාන වාශ්ප දුම්රිය සේවයට යෙදෙව්වේ 362 යන අංකය යටතේ.

*සැ.යු : පටු ආමාන දුම්රියයන් (පුංචි කෝච්චි) අංක කිරීමේදී ද ඉහත කී ක්‍රමය අනුගමනය වුනා.

පසුකාළීනව ශ්‍රී ලoකා දුම්රිය දෙපාර්තුමේන්තුව තමන් විසින් මිළදිගන්නා සියලුම දුම්රියන් ඩීසල් වළින් ක්‍රියාත්මක වන එන්ජින් වියයුතු බවට තීරණය කළා.

එම දුම්රියන් හි අංක යෙදීම නො 500 සිට ඉදිරියට ආරම්භ කළා. එයින් පළමු මිළදීගැනීම වූයේ Armstrong Whitworth වර්ගයේ අශ්වබල 122ක බලයකින් යුතු Shunting එන්ජිමක්. (මෙම එන්ජිම කඩුගන්නාවේ දුම්රිය කෞතුකාගාරය තුල ඇති බවට මා හට මතකයක් තිබේ.)

එතැන් පටන් ආරම්භ වූ දුම්රිය අංක කිරීම පසුගිය සමයේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද M10 වර්ගයේ දුම්රියයන් තෙක්ම ඉදිරියට පැවත එයි. ඉදිරියටත් එසේ විය හැකිය. (නො 1000න් පසුවත්).

එපමනක් නොව. ඔබ දැක ඇති දුම්රිය එන්ජින්හි Class M2,Class S7 වැනි Class එකත් සමග M,S,Y වැනි අකුරු ඇති බව. මා කලින් පැවසූ පරිදි මෙම අකුරු වළින්ද දුම්රියයන් වර්ගීකර්ණය කරනු ලැබුවේ හදුනාගැනීමේ පහසුව සදහා. ඒ මෙසේයි.

  1. Class M ලෙසින් ඩීසල් – ඉලෙක්ට්‍රික් එන්ජින් ද (වර්ග 10යි)
  2. Class S ලෙසින් DMU : Diesel Multiple Units ද (වර්ග 12 යි)
  3. Class G සහ Y යෙදීමෙන් Shunting එන්ජින් වර්ගද (Shunting යනු දුම්රිය අxගනයන්හී මැදිරි එහා මෙහා කිරීම සදහා භාවිතා කරන අඩු බල එන්ජින් වර්ගයක්. මගී ප්‍රවාහනය සදහා කළාතුරකින් භාවිතා කර ඇතත් වර්තමානයේ එසේ සිදුකරන බවට තොරතුරක් නැත.)
  4. N සහ P අකුරු යෙදීමෙන් පටු ආමාන දුම්රියයන්ද (පුංචි කෝච්චිය ලෙසද හදුන්වන අතර දැනට භාවිතයේ නොමැත.)
  5. Class W ලෙසින් ඩීසල් – හයිඩ්‍රොලික් එන්ජින් වර්ගද (වර්ග 3යි)
  6. Class T ලෙසින් රේල් කාර්ද වර්ගීකරණය කරණු ලබයි.

ඉදිරියේදි ඔබ හට මෙම එක් එක් එන්ජින් වර්ගය ගැන තොරතුරු ඉදිරිපත් කිරීමේ අරමුණ සහිතව අදට මා නවතිනව.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara