සැපයුම්කරුවෙකුට සිදු වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් Toyota සමාගම වාහ​න නිෂ්පාදන කටයුතු තාවකාලිකව නව​තා දම​යි

සැපයුම්කරුවෙකුට සිදු වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් Toyota සමාගම වාහ​න නිෂ්පාදන කටයුතු තාවකාලිකව නව​තා දම​යි

ලොව විශාලතම මෝටර් රථවාහන නිෂ්පාදන සමාගම වෙන Toyota සමාගම විසින් පසුගිය අගහරැවාදා දින ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ ඔවුන්ගේ ප්‍රධාන මෝටර් රථවාහන නිෂ්පාදනය සදහා යොදා ගන්න ප්ලාස්ටික් හා ඉලෙක්ට්‍රෝනික උපාංග සැපයුම Cyber ප්‍රහාරයක් නිසා නතර වි ඇති බවයි. මේ හේතුව නිසා ජපානය තුල Toyota මෝටර් රථවාහන නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

මෝටර් රථවාහන උපාංග නිෂ්පාදකයෙකු වෙන Kojima Industries හි පරිගණක පද්ධතිය තුල ඇති වු ගැටලුවක් සමග සමාගමේ Ordering System එක අඩපණ වි තිබෙනවා. පසුගිය සෙනසුරාදා ප්‍රථමයෙන්ම ඇති වු මෙම ගැටලුව පාරිභෝගිකයන් වෙත පැතිරිම වැලැක්වීම සදහා ඔවුන් විසින් පරිගණක පද්ධතිය වසා දැමිමට තීරණය කර තිබෙනවා.

ජපාන රජයේ නිලධාරීන් විසින් පසුගිය අගහරැවාදා තහවුරු කරන ලද්දේ Cyber ප්‍රහාරයකට Kojima Industries හි පරිගණක පද්ධතිය ගොදුරු වි ඇති බවයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රධාන කැබිනට් ලේකම් Hirokazu Matsuno විසින් දක්වා සිටියේ රජය විසින් මෙම Cyber ප්‍රහාරයේ මූලාශ්‍රය පිළිබඳ විමර්ශනය කරමින් සිටින බවත් යුක්රේන හා රැසියානු අර්බුදය සමග තම රටේ සමාගම්වල Cyber Security එක ශක්තිමත් කර ගැනිමට උපදෙස් ලබා දි ඇති බවයි.

ජපානයේ දේශිය Toyota කර්මාන්ත ශාලා 14ක මෝටර් රථවාහන නිෂ්පාදනය මෙලෙස තාවකාලිකව නවතා දමා ඇති අතර මේ නිසා මෝටර් රථ 13,000ක පමණ නිෂ්පාදනය නැවති ඇති බවත් සදහන් වෙනවා.

Source: The New York Times

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna