Browser එකට දාගන්න හොඳම Add-ons 7ක්.
1) DuckDuckGo Privacy Essentials
මුලින්ම තියෙන්නෙ ගොඩක් අය අහලා නැති නමක්. DuckDuckGo කියන්නෙ මොකක්ද? කෙටි පිළිතුර, සහ වඩා ලේසි පිළිතුර තමා ඒක Google වගේ Search Engine එකක්. එතකොට මොකක්ද ඒකේ විශේෂත්වේ? ඔයාලා ටිකක් තමන්ගේ පෞද්ගලික දත්ත ගැන සැලකිලිමත් නම්, ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති Google සමාගමෙන් අපේ පෞද්ගලික දත්ත විශාල ප්‍රමානයක් ලබාගෙන ඒවා විවිධ කාර්යයන්ට පාවිච්චි කරන බව. මේ ගොඩක් කාරණා ඔයාගෙම ලේසියට පහසුවට කරන දේවල් තමයි. ඒත්, ඔයා අකමැති නම් තමන්ගේ අනන්‍යතාව ගැන වෙන කෙනෙක් දැනගන්නවට, ඔයාට ගැලපෙන හොඳම Search Engine එක තමයි DuckDuckGo කියලා කියන්නෙ. මේකෙදි අඩුම ගානෙ ඔයාගෙ Search History එකවත් එයාලගෙ Servers වල රඳවලා තියාගන්නේ නැහැ. මෙන්න සයිට් එක, ගිහින් පොඩි ට්‍රයි එකක් දාලා බලන්න.
මේ මම උඩින් කියපු Firefox Extension එක හදලා තියෙන්නෙ අර මම මුලින් කිව්ව DuckDuckGo සමාගමෙන්. මේ Extension එක භාවිතයෙන් ඔයාට පුළුවන් ඔයා පිවිසෙන හැම අඩවියකින්ම ඔයාගෙන් ඔයාටත් රහසේ ලබාගන්න දත්ත මොනාද කියලා බලාගන්න, ඒ වගේම එහෙම ලබාගන්න දත්ත පාලනය කරන්න. මේක, තමන්ගේ Privacy එක වගේම ආරක්ෂාව ගැන හිතන ඕනම කෙනෙක්ට ඉතාමත් වටින Extension එකක් වේවි.
2) Facebook Container
මේ Add-on එක Firefox හදන Mozilla අයගෙ වැඩක්. මේක කරළියට ආවෙ පහුගිය කාලෙ users ලගේ පෞද්ගලික දත්ත මංකොල්ල කෑවා කියලා අපේ මාක් සකර්බර්ග් අයියට බරපතල ලෙස චෝදනා එල්ල වීමෙන් පස්සේ.
ඒ කතාව නැතිව අපි සරලව කල්පනා කලොත් ඇත්තටම Facebook එකෙන් අපේ දත්ත අති විශාල වශයෙන් එකතු කරනවා. ඔයාලට දැන් නම් පුළුවන් ඒ දත්ත වලින් කොටසක් හරි මොනාද කියලා බලාගන්න.
මෙන්න මේ Add-On එකෙන් වෙන්නේ ඔයා Firefox බ්‍රව්සර් එකෙන් Facebook ලොග් වුණාම Facebook අඩවිය Container එකක දාන එක. ඒ කිව්වේ හරියට සයිට් එක පෙට්ටියක් අස්සට දානවා වගේ. එතකොට ඒකට බැහැ අපි Facebook අඩවිය වෙන tab එකක ඕපන් කරගෙන අපි අනෙක් tab වලින් යන්නෙ මොන මොන සයිට් වලටද කියලා ඔත්තු බලන්න. ඒ කිව්වේ ඉතින් මීට කලින් ඔයා Facebook එක පැත්තකින් වෙන ටැබ් එකක ඕපන් කරන් ඔයා ගිය හැම සයිට් එකක්ම දිහා කවුරු හරි බලන් ඉඳලා තියෙනවා වගේ. දැන් අවධානම වැටහුණා නම්, මේ Add-On එක ඔයා Install කරගනීවි.
3) Grammar and Spell Checker - LanguageTool
මේක නම් ගොඩක් වැදගත් වෙයි කඩ්ඩෙන් බ්ලොග් පෝස්ට් වගේ දේවල් දාන කෙනෙක්ට. ගොඩක් අය දන්න Grammarly එක වගේම සේවාවක් තමයි මේකත්, හැබැයි මේකෙ සේවාව දෙන්නෙ නොමිලේ. මමත් දැන් ටික කාලයක් තිස්සේ මේක පාවිච්චි කරනවා., මේකෙන් ඔයා Browser එකේ කොහෙ හරි කඩ්ඩ ටයිප් කරනවා නම් ඒකේ තියෙනෙ ව්‍යාකරන දෝෂ, අකුරු වල අඩුපාඩු වගේ දේවල් රතු පාටින් යටින් ඉරක් ඇඳලා පෙන්නනවා, හරියට Microsoft Word වල වගේ. මං හිතන්නෙ දැන් කට්ටියට තේරෙන්න ඇති මේකෙ වටිනාකම.
4) Enhancer for YouTube
මේ Add-on එකෙන් ඔයාලා නිතරම පිවිසෙන අඩවියක් වෙන YouTube එක කලින්ට වඩා බොහොම පහසුවෙන් හසුරුවන්න පුළුවන් අඩවියක් බවට පත් කරනවා. ඒ වගේම මෙන්න මේ පහතින් කියන දේවලුත් මේ Add-on එකේ ඇතුළත් වෙලා තියෙනවා.
- Mouse wheel එක භාවිතයෙන් Video එක සහ වීඩියෝ එකේ වේගය පාලනය කිරීම
- වීඩියෝ වල ඇති වෙළඳ දැන්වීම් ඉවත් කිරීම
- ඔබ කැමති format එකකින් අදාළ වීඩියෝ ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක කරවීම
- Loop videos (in part or in whole) ඔබ නරඹන video එකක් loop කිරීමේ හැකියාව
- ඔබ කැමති Theme එකක් භාවිතා කිරීමට ඇති හැකියාව
ඒ වගේම තවත් බොහොමයක් පහසුකම් මේ Add-on එකත් එක්ක ලබාගන්න පුළුවන්.
5) HTTPS Everywhere
HTTPS කියන්නෙ මොකක්ද කියන එක සරලව පැහැදිලි කළොත්, ඒකෙන් කරන්නෙ ඔයා යන වෙබ් පිටුවකට ඔයා ඇතුලත් කරන දත්ත සහ ලබා ගන්නා දත්ත, විශේෂයෙන්ම passwords, credit card details වගේ දේවල් වෙන කෙනෙක්ට හොරෙන් බලන්න බැරි වෙන්න encrypt කරන එක. මම මෙතන වෙන කෙනෙක් කිව්වේ ඔයා වැඩක් කර කර ඉන්න අතර ඔයාගෙ උරහිසට උඩින් එබිලා බලන කෙනෙක් ගැන් නෙවේ. මම කිව්වේ වෙබ් පිටුව අඩංගු සර්වර් පරිගණකයත්, ඔයාගෙ වෙබ් බ්‍රවුසර් එකත් අතර ඉන්න අතරමැදියෙක්ට (හැකර් කෙනෙක් වගේ) ගන්න බැරි වෙන්න (අතිශය අසීරු කරන්න) කරන දෙයක්.
ඒත් සමහර වෙබ් සයිට් වල මේ HTTPS කියන පහසුකම සක්‍රීය කරලා නෑ. මෙන්න මේ Extension එකෙන් කරන්නෙ ඔයා එහෙම පිවිසෙන අනාරක්ෂිත අඩවියක් ආරක්ෂිත තත්වයට පත් අරන එක. මේක ගොඩක් වටින Extension එකක් බව ආයෙ පැඃඇදිලි කරන්න ඕන නෑ මම හිතන්නෙ. අතිශය රහසිගත සහ පෞද්ගලිකත්වය ගැන විශේෂයෙන් සලකා බලන වෙබ් බ්‍රවුසර් එකක් වෙන Tor බ්‍රවුසර් එකේ inbuilt එක extension එකක් තමා HTTPS Everywhere කියන්නෙ. ඉතින්, ඔයාලත් අරගෙන බලන්න.
6) uBlock Origin
ඔයා නිතර ඉන්ටනෙට් පාවිච්චි කරන කෙනෙක් නිසා (මේ වගේ බ්ලොග් එකක් කියවනවා නම් ඔයා එහෙම වෙන්න ඕන) ඔයා දන්නවා ඇති වෙබ් අඩවි වල තියෙන Ads නැත්නම් වෙළඳ දැන්වීම් නිසා අපිට තියෙන වදේ ගැන. ඔය වදයට විසඳුමක් විදියට අපි Ad-Blockers පාවිච්චි කරනවා. Ad-blocker Plus කියන Extension එක තමා මම මීට කලින් පාවිච්චි කලේ, ඒත් ඒ මෙන්න මේ uBlock Origin කියන Extension එක ගැන දැනගන්නකන් විතරයි. මොකද Ad-blocker Plus කියන්නෙ ඔයාගෙ Device එකේ රැම් එක සහ Processing power එක අධිකව භාවිතා කරන Extension එකක්. ඒත් uBlock Origin කියන්නේ බොහොම අඩු resources භාවිතා කරමින් බොහොම සක්‍රීයව Ads Block කරන Extension එකක්.
එහෙනම් ඔයාගෙ device එකත් slow කරගන්නැතුව, Ads කරදරෙන් බේරෙන්න, මෙන්න මේ Extension එක භාවිතා කරලා බලන්න.
7) Video DownloadHelper
මේකෙ නමින්ම වැඩේ තේරෙන්න ඇති නේ, මේකෙන් පුළුවන් අපි සයිට් එකකට ගිහින් ඔන්ලයින් බලන එහමත් නැත්නම් Online Stream වෙන විඩියෝස් ඔයාගෙ device එකට බාගත කරගන්න. මේක ගැන ඉතින් ලොකු විස්තරයක් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ, මොකද මේකෙන් වෙන වැඩේ ඕන කෙනෙක්ට පැහැදිලියි නේ.
තවත් මේ වගේ පෝස්ට් එකක් එක්ක මුණගැහෙමු, ඔබට ජය!