2021 වර්ෂයදී ආයෝජනය කිරීමට සුදුසුම Cryptocurrencies 5 ගැන දැන ගනිමු

Cryptocurrency මගින් ගණුදෙනු කිරිමේ දි ගැලපෙන, ආරක්ෂිත Cryptocurrencie එකක් තොරා ගැනිම ඉතාමත් වැදගත් වෙනවා.

2021 වර්ෂයදී ආයෝජනය කිරීමට සුදුසුම Cryptocurrencies 5 ගැන දැන ගනිමු

නව තාක්ෂණයත් සමග දිනෙන් දින ලෝකය වෙනස් වෙමින් පවතිනවා. මේ සමගම සම්ප්‍රදායික මුදල් නොට්ටුවලින් Digital මුදල් ඒකක වෙත විශාල වශයෙන් නැඹුර විම මේ වෙන විට සිදු වෙමින් සිටිනවා. එපමණක් නොව නව Digital මුදල් ඒකක බිහි විමිත් සිදු වෙමින් පවතිනවා.‌‌‌‌

ඒ අනුව මේ වෙන විට ගෝලිය වෙළඳපොල තුල ආසන්න වශයෙන් Digital මුදල් ඒකක 4000කට වැඩි ප්‍රමාණයක් පවතින අතර මේවා සියල්ල Cryptocurrencies නමින් හදුන්වනු ලබනවා. 2020 වසර ආරම්භ වෙන විට ලොව ජනගහනයෙන් 3% ක් පමණ මේ Cryptocurrencies මුදල් ඒකකයන් මගින් ගණුදෙනු සිදු කරනවා. මේ වෙන විට මේ Cryptocurrencies මුදල් ඒකකත් සමග ගණුදෙනු කරන ප්‍රමාණය ලෝක ජනගහනයෙන් 15% දක්වා ඉහල ගොස් තිබෙනවා.‌‌‌‌

කෙසේ වෙතත් මෙලෙස Cryptocurrencies මුදල් ඒකක සදහා අතිශය ජනප්‍රියත්වයක් හිමිවි තිබුණත් මේ Digital මුදල් ඒකක මගින් ගණුදෙනු කිරිමේ දි ඉතාමත් ප්‍රවේසම් විම අත්‍යාවශ්‍ය වෙනව.‌‌‌‌ එමෙන්ම මෙලෙස Cryptocurrencies මගින් ගණුදෙනු කිරිමේ දි ගැලපෙන, ආරක්ෂිත Cryptocurrency එකක් තොරා ගැනිම ඉතාමත් වැදගත් වෙනවා.

මෙලෙස Cryptocurrency එකක් තෝරා ගැනිමේ දි සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරැණු ලෙස Security, Lower operating fee, Access හා Transaction Speed ආදිය දක්වන්න පුලුවන්. ‌‌‌‌අප අද බලමු මේ වෙන විට 2021 වසර සදහා ආයෝජනය කිරිමට සුදුසුම Cryptocurrencies මොනව ද කියල.‌‌

‌‌01. Bitcoin

‌‌Bitcoin කියන්නේ ලොව පැරණිතම Digital මුදල් ඒකක ලෙස හදුන්වා දෙන්න පුලුවන්. වර්තමානය වෙන විට මේ Bitcoin එකක් මිලදි ගැනිමට නම් ඩොලර් 55,000 ක පමණ මුදලක් අවශ්‍ය වෙනු ඇත. ඒ වගේම මේ වෙන විට තිබෙන ආරක්ෂිතම ස්ථායිම Cryptocurrency ඒකකය විදිහටත් Bitcoin හදුන්වා දෙන්න පුලුවන්. ඒ වගේම දැනට තිබෙන ඉතාම ස්ථාවර මිලක් සහිත එකම Cryptocurrency ඒකකය විදහට මෙය හදුන්වන්න පුලුවන්. ලොව Cryptocurrency අතුරින ආයෝජනයට සුදුසුම ආරක්ෂිත Cryptocurrency එක විදිහටත් Bitcoin හදුන්වා දෙන්න පුලුවන්.

‌‌‌‌2. Ethereum

‌‌‌‌Ethereum කියන Cryptocurrency එක ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ D App නමින් Application එකක් හරහායි. මේ Cryptocurrency එකේ ආරක්ෂාව පිළිබඳව සැලකිමේ දි Bitcoin තරම් ආරක්ෂාවක් නොමැති වුවත් ඒ මට්ටමටම ආසන්න ආරක්ෂාවක් මේ Ethereum Cryptocurrency ඒකකයටත් තිබෙනවා. මේ වෙන විට Ethereum එකක් මිලදි ගැනිමට දළ වශයෙන් ඩොලර් 1700ක් පමණ අවශ්‍ය වෙනවා.‌‌‌‌

මේ වෙන විට ඉතාම ස්ථාවර තත්වයේ මේ Cryptocurrency එක පැවතුනත් 2018 හා 2019 අතර කාලයේ දි මෙහි මිල ඉතාම අවම අගයකට පත් විමත් සිදු වුවා. කෙසේ වෙතත් මේ වෙන විට මේ Ethereum Cryptocurrency එක ලබා ඇති ස්ථාවරත්වය නිසා ඉදිරි කාලයේ දි ආයෝජනයට වඩා සුදුසු Cryptocurrency ඒකකයක් විදිහට හදුන්වා දෙන්න පුලුවන්.‌‌

‌‌3. Litecoin‌‌

‌වසර කිහිපයක පමණ සිටම Cryptocurrency ඒකකයක් ලෙස Litecoin පැවතුන ද මෙහි මිල අඩු මට්ටමක පවතිනවා. ඒ වගේම පසුගිය වසර 05ක කාලය කුල මෙහි මිල අවස්තාවර විම නිරන්තරයෙන්ම සිදු වුණා.‌‌‌‌කෙසේ වෙතත් මේ Cryptocurrency එකේ ආයෝජනයට ඇති අවස්ථාව වෙන්නේ මෙහි ආයෝජනය මගින් වැඩි අවධානමක් නොලැබිමයි. ඉට හේතුව මේ Litecoin එකක මිල ඩොලර් 200කට වඩා අඩු විමයි. ‌‌

‌‌4.    Dogecoin

‌‌‌‌Dogecoin කියන මේ Cryptocurrency ඒකකය මේ වෙන විට ජනප්‍රියත්වයට පත් ඇති Cryptocurrency ඒකකයක් විදිහට පෙන්වා දෙන්න පුලුවන්. මේ වෙන විට Dogecoin එකක් මිලදි ගැනිමට ඩොලර් එකක පමණ මුදලක් අවශ්‍ය වෙනවා.‌‌‌‌මෙලෙස මේ Cryptocurrency ඒකකයේ හදිසි මිල ඉහල යාමට වගේම ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුව විදිහට Tesla සමාගමේ CEO වෙන Elon Muskගේ ප්‍රවර්ධන කටයුතු දක්වන්න පුලුවන්. ඔහු Dogecoin පිළිබඳව ඔහුගේ Twitter ගිණුම ඔස්සේ සදහන් කිරිමෙන් පසුව මෙහි වටිනාකම 1000% පමණ එකවර ඉහළ යන ලදි.‌‌‌‌

5. Bitcoin Cash

‌‌‌‌මේ Cryptocurrency ඒකකයේ වටිනාකම මේ වෙන විට ඩොලර් 500ක් පමණ වෙන අතර පසුගිය වසර කිහිපය තුල ස්ථාවර වර්ධනයක් ද පෙන්වා තිබෙනවා.

Source : GizChina

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara