Tim Cook විසින් Cryptocurrency වල ආයෝජනය කර ඇති බවත්, Apple සමාගම ඒ පිළිබඳව අවධානය යොමු කර ඇති බවත් ප්‍රකාශ කරයි

Tim Cook විසින් Cryptocurrency වල ආයෝජනය කර ඇති බවත්, Apple සමාගම ඒ පිළිබඳව අවධානය යොමු කර ඇති බවත් ප්‍රකාශ කරයි

මේ වෙනකොට Crypto මුදල් බොහෝ දෙනා අතර ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින බැවින් ඉහළ පෙළේ සමාගම්, ඉහළ පෙළේ විධායක නිලධාරීන් සහ රජයන් පවා Bitcoin, Ethereum හා විවිධාකාර වූ Cryptocurrencies සඳහා ආයෝජනයන් සිදු කිරී අප දැක ඇත්තෙමු.

නමුත් Apple සමාගම නම් Cryptocurrencies ආයෝජනය කෙරෙහි එතරම් උනන්දුවක් දැක්වූයේ නෑ. එපමණක්ම නොව, Apple ප්‍රධාන විධායක නිලධාරී Tim Cook මහතාගේ මෑත ප්‍රකාශයන්ට අනුව පෙනී යන්නෙ Apple සමාගමට එහි නිෂ්පාදන සඳහා Cryptocurrencies හරහා ගෙවීමේ විකල්පයක් හඳුන්වා දීම සඳහා ඉක්මන් සැලසුමක් දැනට නොමැති බවයි.

නමුත් Tim Cook මහතා හෙළි කළේ තමා විසින් දැනටමත් ඒ සම්බන්ධයෙන් පෞද්ගලිකව ගවේෂණය කරන බවත් ඔහු විසින් මේ වන විටත් යම් යම් Crypto මුදල් වෙත ආයෝජනයන් සිදු කර ඇති බවත්ය. ඔහු සතුව දැනටමත් විවිධාකාරයෙ Cryptocurrencies වර්ග කිහිපයක්ද ඇති බවද ඔහු එහිදී පවසා සිටියා.

Apple සමාගම Cryptocurrencies සඳහා ආයෝජනය නොකරන්නේ මන්දැයි මාධ්‍යවේදියා විසින් විමසූ විට Tim Cook මහතා ප්‍රකාශ කර සිටියේ, මහජනයා විසින් Apple සමාගමේ කොටස් මිලදී ගන්නා විට, ඔවුන් විසින් Cryptocurrencies කෙරෙහි නිරාවරණය වීමට එතරම් කැමැත්තක් නොදක්වන බවයි. මහජනයාට Crypto වෙළඳපොළට ඇතුළු වීමට අවශ්‍ය නම්, ඔවුන්ට සෘජුවම ඒවා සඳහා ආයෝජනය කළ හැකි බවද ඔහු විසින් වැඩිදුරටත් පවසා සිටියා.

කෙසේ වෙතත්, Crypto මුදල් සිත්ගන්නාසුළු යැයි තමා සිතන බවත්, දැන් ටික කලක සිට ඒවා ගැන තමන් උනන්දුවක් දක්වන බවත් Tim Cook මහතා ප්‍රකාශ කලා.

Source: The Verge, Beebom

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna