Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

TikTok විසින් Instagram වෙත තරඟයක් ලබා දීම සඳහා වන නව යෙදුමක් හදුන්වාදීමට කටයුතු කර තිබෙනවා. මෙය දැනට ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ තෝරාගත් Android සහ iOS පරිශීලකයන් වෙත ලබා දී ඇති අතර මෙය සෑම දෙනාටම තවමත් ලබා ගත නොහැකියි. නමුත් පහත දැක්වෙන link හරහා ඔබට එය App Store සහ Google Play වෙතින් නිරීක්ෂණය කල හැකියි.

‎TikTok Notes
‎TikTok Notes is a lifestyle platform that offers informative photo-text content about people’s lives, where you can see individuals sharing their travel tips, daily recipes…
TikTok Notes - Apps on Google Play
Share, connect, discover

මෙහි ඇති වඩාත්ම කැපී පෙනෙන විශේෂාංගය වනුයේ images වලට headlines යෙදිය හැකි වීමයි. මෙම පහසුකම Instagram පරිශීලකයන් වෙත ලබා නොදුන් පහසුකමකි.

TikTok Notes හි මුල් පිටුව ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වන අතර එය "For You" සහ "Following" යනුවෙන් දැක්වෙනවා. එමෙන්ම feed එක තීරු දෙකකට බෙදා ඇති අතර එය Pinterestහි homepage එකට සමානතාවයක් දක්වනවා.

මේ සු​ළු වෙනස්කම් කිහිපය හැරුණු කොට TikTok Notes යෙදුම Instagram වෙත බෙහෙවින් සමානකමක් දක්වන බවයි වාර්තා වන්නේ. Meta සමාගම මීට පෙර TikTok අනුගමනය කරමින් Instagram වෙත Reels පහසුකමද, Snapchat අනුගමනය කරමින් Stories පහසුකමද හදුන්වා දුන්නාක් මෙන් මෙවර TikTok විසින් Instagram අනුගමනය කරමින් TikTok Notes හදුන්වාදී තිබෙනවා.

​කෙසේ නමුත් මෙම නව යෙදුම අනෙකුත් region වලට එලිදක්වන කාල සීමාව පිළිබඳව නම් තවමත් පැහැදිලි ඉඟියක් වාර්තා වී නෑ.

Source: notes.tiktok.com www.theverge.com beebom.com

Read more

Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ

Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ

ඔබට මතක ඇති ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් Space X සමාගමේ CEO වෙන Elon Musk මහතා ඉන්දුනීසියාවේදී හමුවු බව. ඒ අනුව එහිදි රනිල් වික්‍රමසිංහ මහතා විසින් Elon

By Bhasura Nuwan Kularathna
ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna