Twitch වැනි PC game streaming සේවාව​ක් හදුන්වාදීම සඳහා TikTok සමාගම අත්හදා බැලීම් වල නිරත වේ

Twitch වැනි PC game streaming සේවාව​ක් හදුන්වාදීම සඳහා TikTok සමාගම අත්හදා බැලීම් වල නිරත වේ

TikTok විසින් ඔවුන්ගේම  නවතම Desktop Streaming App එකක් නිකුත් කිරිමට සුදානමින් සිටින අතර මේ වෙන විට එහි අවසන් පරික්ෂණ කටයුතු සිදු කරමින් සිටිනවා. මෙය TikTok Live Studio නමින් නම් කර ඇති අතර මේ ඔස්සේ Games හා අනෙක් Desktop Applications ආදිය Live Broadcast කිරිමේ හැකියාව ලබා දෙනවා.

මේ ඔස්සේ ඔවුන් විසින් TikTok Live තුලට Game Streaming ආදිය ගෙන ඒමට සුදානමින් සිටින අතර Twitch, YouTube Gaming හා Facebook Gaming ආදි Live Gaming Streaming Platformsවලට මේ මගින් තරගයක් ලබා දෙනු ඇති බව නිසකයි.

මේ වෙන විට සුළු පිරිසකට පමණක් මේ TikTok Live Studio Application එක බාගත කර ගැනිමේ හැකියාව ලබා දි ඇති අතර ඔවුන් දක්වා තිබෙන ආකාරයට මේ Streaming Application එක Landscape හා Portrait ආකාරවලින් ද Stream කිරිමේ හැකියාව ඇති අතර අමතරව Draw footage from Games, individual programs, mobile devices & cameras ආදි පහසුකම් ද ලබා දි තිබෙනවා.

තවමත් ඔවුන් විසින් නිල වශයෙන් මේ TikTok Live Studio නිකුත් කරන්නේ කවදා දැයි යන්න පිළිබඳ ප්‍රකාශ කර නොමැති අතර මෙහි වැඩි විස්තර TikTok Live Studio සදහා වෙන වෙ​බ් පිටුවේ දක්වා තිබෙනවා.

Sources: The Verge, Tech crunch

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna