Download වාර ගණන බිලියන 3 ඉක්මවා ගිය පස්වන non-gaming app එක වීමට TikTok සමත් වේ

Download වාර ගණන බිලියන 3 ඉක්මවා ගිය පස්වන non-gaming app එක වීමට TikTok සමත් වේ

නවතම දත්තවලට අනුව TikTok App එක Download වාර බිලියන තුන ඉක්මවා තිබෙනවා. ඒ අනුව Facebook සමාගමට අයත් නොවන Apps එකක් ලෙස TikTok App එක විසින් Download වාර බිලියන තුන ඉක්මවා තිබෙනවා.

Facebook සමාගමට අයත් නොවන Download වාර බිලියන තුන පසු කල ලොව පළමු App එක වෙන TikTok App එක Android හා iOS Platformsවල 2021 මුල් කාර්තුවේදි වැඩිම Download වාර සංඛ්‍යාවකට එනම් මිලියන 383ක Download වාර සංඛ්‍යාවක් පසු කර තිබෙනවා.

කෙසේ වුවත් මේ වෙන විට TikTok App එකේ Download ප්‍රමාණය 38% කින් පමණ පහත වැටි තිබෙනවා. එයට ප්‍රධානතම හේතුව වනුයේ ඉන්දියානු රජය විසින් TikTok App එක තහනම් කිරිමයි.

බිලියන තුනක Download වාර සංඛ්‍යාව පසු කළ පස්වන Non-Gaming App එක මෙය වෙන අතර අනෙක් App හතරේම හිමිකාරිත්වය දරන්නේ Facebook සමාගමයි. Download වාර බිලියන තුන පසු කල අනෙක් Apps වනුයේ WhatsApp, Messenger, Facebook හා Instagram යන Apps වෙනවා.

Source : Gizmochina

Read more

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

TikTok විසින් Instagram වෙත තරඟයක් ලබා දීම සඳහා වන නව යෙදුමක් හදුන්වාදීමට කටයුතු කර තිබෙනවා. මෙය දැනට ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ තෝරාගත් Android සහ iOS පරිශී

By Thimira Thenuwara
Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ලොව අංක එකේ දුරකතන අලෙවිය සහිත වාර්තාව හිමි කරගෙන සිටි ඇපල් සමාගම 2024 පළමු කාර්තුවේදී අලෙවි වාර්

By Thimira Thenuwara