Google වෙතින් ලොව ජනප්‍රියතම domain නාමයේ කිරුළ ඉවතට, TikTok අන්තර්ජාලයේ රජ කිරුළු පලඳී
වර්තමානය වෙන විට ඉතාම ජනප්‍රියත්වයට පත්ව තිබෙන Video-focused Social Networking Service එකක් වෙන TikTok මේ වසරේදි Google අභිබවා යමින් වසරේ ජනප්‍රියතම Domain එක බවට පත් වි තිබෙනවා. ඒ වගේම 2021 වසර තුල Most Downloaded Appවල ඉහළින්ම පසු වෙන්නේත් TikTok App එකයි.
Cloudflare සමාගම විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව මේ වසරේ Most popular Domains පහත ආකාරයෙන් දක්වන්න පුළුවන්.
- TikTok.com
- Google.com
- Facebook.com
- Microsoft.com
- Apple.com
- Amazon.com
- Netflix.com
- YouTube.com
- Twitter.com
- WhatsApp.com
මේ වෙන විට Most Popular Domains ලැයිස්තුව යටතේ සිටින Social Media Platforms වලින් ද TikTok පළමු ස්ථානය ලබා ගෙන සිටන අතර ඉන් පසුව Facebook හා Youtube පිළිවෙලින් දැක ගන්න පුළුවන්.
මෙලෙස TikTok අතිශය ජනප්‍රිය විමට ආසන්නතම හේතුව ලෙස 2019 වසරේ සිට ඇරඹුණු Covid 19 ගෝලීය වසංගත තත්වය දක්වන්න පුළුවන්. ඒත් සමග ලොව පුරා සෑම දේනාම තම නිවෙස්වලට වි කාලය ගත කිරිම පටන් ගත් අතර ඒත් සමග ඔවුන් නව විනෝදාත්මක ප්‍රභවයන් කරා යාම සිදු වුවා. මේත් සමග TikTok වෙත බොහෝ දෙනා නැඹුරු විම ලොව පුරා සිදු වෙනු ලැබුවා.
Source: Cloud flare, Gizmochina