Threads සඳහා Web Version එකක් හඳුන්වාදීමට සූදානම් වෙයි

Meta සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg විසින් Thread එකක් පළ කරමින් කියා සිටියේ ඉදිරි සති කිහිපය තුළ Threads සඳහා වැඩිදියුණු කරන ලද Search එකක් සහ Web Version එකක් ලබා දෙන බවයි.

Threads සඳහා Web Version එකක් හඳුන්වාදීමට සූදානම් වෙයි

Twitter වෙත දැවැන්ත අභියෝගයක් ලබා දෙමින් Meta සමාගම විසින් පසුගියදා Threads නම් නව සමාජ මාධ්‍ය ජාලයක් හඳුන්වා දෙන ලදී. කෙසේවෙතත් මේ සඳහා තවමත් Web Version එකක් නොමැති වීම බොහෝ දෙනෙකුට ගැටලුවක් වී තිබෙන අතරම මුළු Sign Ups ප්‍රමාණය මිලියන 100 ඉක්මවුවද බොහෝ දෙනෙක් සක්‍රීය පරිශීලකයන් ලෙස නොසිටීමටද මෙය හේතුවක් වී තිබෙනවා. දැනට Threads.net වෙත පිවිසුණ විට දැකගත හැක්කේ Threads App එක Download කර ගැනීම සඳහා අදාළ QR Code එක වනවා.

කෙසේ නමුත් මේ සඳහා විසඳුමක් ලබා දෙමින් Meta සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg විසින් Thread එකක් පළ කරමින් කියා සිටියේ ඉදිරි සති කිහිපය තුළ Threads සඳහා වැඩිදියුණු කරන ලද Search එකක් සහ Web Version එකක් ලබා දෙන බවයි.

Post by @zuck
View on Threads

තවද Instagram හි ප්‍රධාන නිලධාරියෙකු වන Adm Mosseri විසින් පරිශීලයකයෙක් විසින් පළ කරන ලද Thread එකකට Reply කරමින් මේ බව තහවුරු කර තිබෙනවා.

Post by @mosseri
View on Threads

බොහෝ සමාජ මාධ්‍ය ජාලා වල Web Versions සැලකිය යුතු පරිශීලකයන් ප්‍රමාණයක් භාවිතා කරන අතර Threads සඳහා මෙය විශාල අඩුවක් වී තිබුණී. කෙසේ නමුත් මෙසේ ඉදිරියේදි Web Version එක නිකුත් වීමත් සමඟින් Twitter වෙත එල්ලවන අභියෝගය තවත් දරුණු වන බව නොඅනුමානයි.

Source: theverge.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara