Foxconn සමාගමේ සේවකයන් විශාල පිරිසක් සේවය හැර යාම නිසා iPhone නිෂ්පාදන වේගය අඩාල වන බව වාර්තා ​වේ

Foxconn සමාගමේ සේවකයන් විශාල පිරිසක් සේවය හැර යාම නිසා iPhone නිෂ්පාදන වේගය අඩාල වන බව වාර්තා ​වේ

චීනයේ විශාලතම iPhone නිෂ්පාදන සමාගමක් වන Foxconn සමාගම සතු විශාලතම iPhone නිෂ්පාදන කර්මාන්තශාලාව Zhengzhou නගරයෙහි පිහිටා තිබෙන අතර ගත වූ දින කිහිපය තුල සේවක විරෝධතා ඇතුළු නොසන්සුන්කාරී තත්වයක් ඇතිවි තිබෙන අතර එහෙදි ආරක්ෂක නිලධාරීන් සමඟද විවිධ ගැටුම් ඇති වි තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් Foxconn සමාගම විසින් නොවැම්බර් මස 24වන දින වන්දි ප්‍රතිලාභ සම්බන්ධයෙන් අසාධාරණයට ලක්ව ඇති බව කියන නවතම බඳවා ගැනීමේ කණ්ඩායම බඳවා ගැනීමෙන් පසු සිදු වූ වැටුප් සම්බන්ධ "තාක්ෂණික දෝෂයක්" සම්බන්ධයෙන් සමාව අයැද සිටියා. මෙහෙදී සමාගම විසින් විරෝධතා දක්වන සෑම කණ්ඩායමටම CNY 10,000 ($1,400 පමණ) ගෙවීමට කටයුතු කරා.

මෙම අවස්ථාව වන විට සේවකයන් 20,000 කට වැඩි පිරිසක් Foxconn වෙත ගෙන ගිය බවට වාර්තා පවතින බැවින් ඔවුන්ගේ ගෙවීම් තරමක් සාර්ථක විය හැකි බව පෙනේ. ඔවුන් විසින් බඳවා ගත් නව සේවකයන් එතෙක් නිෂ්පාදන ක්‍රියාවලි සදහා තම සේවය ලබා නොදී  මුදල් ලබාගෙන පිටව ගිය අයයි. මේ අතරින් මෙම තත්වය ආරම්භ වීමට පෙර, සේවකයින් 200,000 කට වැඩි පිරිසක් සේවය කර ඇති බවට වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම Foxconn සමගමේ iPhone නිෂ්පාදනයට සහ ඒවා shipping කිරීම් වැනි කටයුතු වලදි ඍජුවම බලපා ඇති අතර බලාපොරොත්තු වූවාට වඩා අඩු iPhone 14 Pro සහ Pro Max දුරකතන shipping කිරීම් අපේක්ෂා කරන බව දැනටමත් Apple සමාගම විසින් පවසා තිබෙනවා. බොහෝමයක් දෙනෙක් අනතුරු හගවා ඇත්තේ මෙම නිවාඩු සමයේ වෙළඳසැල්වල ඉහළ මට්ටමේ iPhone හිඟයක් ඇති විය හැකි බවටයි.

විශ්ලේෂකයින්ගේ ගණනය කිරීම් වලට අනුව වත්මන් නිකුතුව දෙසැම්බර් මාසය දක්වා පැවතියහොත්, මුලින් සැලසුම් කළ ප්‍රමාණයට වඩා මිලියන 10ක් පමණ අඩුවෙන් iPhone නිපදවනු ඇත. එනම්, නිවාඩු සමය තුල සාමාන්‍ය ප්‍රමාණයට වඩා 25% සිට 30% දක්වා iPhone 14 Pro හී නිෂ්පාදනය අඩු වනු ඇත.

Foxconn සමාගම විසින් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ මෙම සිදුවීමෙන් සමාගම පිළිබදව මහජනතාව අතර වැරදි ප්‍රතිරූපයක් ඇති කලද එය ඔවුන්ගේ වෙළඳපොළ කොටසට එතරම් බලපෑමක් සිදු නොකළ බවයි.

Source: www.gsmarena.com www.reuters.com cnn.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara