තාක්ෂණි​ක ලොව උඩු යටිකුරු කරමින් Vision Pro නම් mixed reality headset එකක් එලි දැක්වීමට Apple සමාගම කටයුතු කර​යි

Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදනය ලෙසින් Apple Vision Pro නම් නව Augmented Reality මත ධාවනය වන mixed reality headset එකක් එලිදැක්වීම සිදු කරනු ලැබුවා.

තාක්ෂණි​ක ලොව උඩු යටිකුරු කරමින් Vision Pro නම් mixed reality headset එකක් එලි දැක්වීමට Apple සමාගම කටයුතු කර​යි

Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදනය ලෙසින් Apple Vision Pro නම් නව Augmented Reality මත ධාවනය වන mixed reality headset එකක් එලිදැක්වීම සිදු කරනු ලැබුවා. Apple සමාගම එහිදී ප්‍රකාශ කර සිටි ආකාරයට මේ හරහා අපගේ අවට පරිසරය සමඟින් digital අත්දැකීමක් විඳගැනීමට හැකියාව ලැබෙනවා. මේ නව තාක්ෂනය Apple සමාගම විසින් Spatial Computing යන නමින් හදුන්වනු ලබනවා.

නව Vision Pro ඔබගේ ඇස්, අත් චලන සහ කට හඬින් පාලනය කිරීමේ හැකියාව පවතිනවා. ඇඟිලි දෙකක් එකට tap කිරීමෙන් select කිරීමටද, flick කිරීමෙන් scroll කිරීමට හැකිවීම එහි එක් අංගයක්.

මෙහි ඇති සුවිශේෂීම විශේෂාංගයක් වන්නේ ඔබ ඉදිරියට කවුරුන් හෝ පැමිණියහොත් ඒ හරහා ඔබට ඔවුන්වද පෙනීමයි. එමෙන්ම Vision Pro එක හරහා ඔබගේ ඇස් ඔවුන්ට බලා ගැනීමටද හැකියාව ලැබෙනවා. නමුත් ඔබගේ දර්ශන පථයට ඒ හරහා බාධාවන් සිදුවන්නේ නෑ.

Vision Pro, Mac පරිගණක සමඟින් wireless ආකාරයට කටයුතු කරනු ලබන අතර Mac පරිගණකයේ උපාංගද මේ headset එක සමඟ කටයුතු කරනු ලබනවා. මෙම headset එක M2 chip එකකින් සහ ඒ සඳහාම නිපදවූ R1 නම් ව​න custom media co-processor එකකින් බල ගැන්වෙනවා. Vision Pro සතුඅව spatial photos සහ videos capture කිරීමේ හැකියාව පවතිනවා. ඊට අමතරව හොදින් එළිය ඇති කාමරයක පවා අදුරු theater එකක් simulate කිරීමේ හැකියාව මේ සතුව පවතිනවා.

M2 සහ R1 සමඟින් Vision Pro බලගැන්වෙන ආකාර​ය

මෙහි ඇති තවත් සුවිශේ​ෂී විශේෂාංගයක් වන්නේ උපැස් යුවලයන් පළදින අයට පවා සහය දක්වන ආකාරයේ පහසුකමක් එකතු කර තිබීමයි. Apple සමාගම පවසන ආකාරයට Vision Pro සඳහා වෙනම කාච සවි කිරීමේ හැකියාව පවතිනවා.

වෙනම කාච සවි කිරීමේ හැකියා​ව

බැටරියෙන් ක්‍රියාකරන විට උපරිම පැය දෙකකට ආසන්න කාලයක් මෙම Vision Pro එක ක්‍රියාත්මක කල හැකි අතර නොකඩවා විදුලිය සපයන විට මුළු දිනය පුරා භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. Vision Proහි තිරය microLED භාවිතා කර නිපදවා ඇති අතර එහි පික්සල් මිලියන 23කින් යුතු පැනල් දෙකක් සමන්විත වනවා. එය 4K TV එකක ඇති pixel ප්‍රමාණයට වඩා වැඩි අගයක් ගන්නා බව Apple සමාගම ප්‍රකාශ කර සිටිනවා.

Vision Pro බලගැන්වෙන්නේ Apple සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය වන visionOS විසිනි. මේ වන විටත් Microsoft සහ Zoomහි යෙදවුම් සියල්ලම visionOS සඳහා සහය දක්වන ආකාරයට ප්‍රතිනිර්මාණය කර ඇති අතර ලක්ෂ ගණනක් වන iPad සහ MacOS යෙදවුම් ස්වයංක්‍රීයවම visionOS සඳහා සහය දක්වන බව Apple සමාගම ප්‍රකාශ කර සිටිනවා.

visionOS සඳහා යෙදවුම් සහය දක්වන ආකාර​ය

Apple සමාගම විසින් මේ වන තෙක් හදුන්වාදුන් ඔවුන්ගේ ආරක්ෂිත ක්‍රම වේදයන් වන TouchID සහ FaceID වෙත නවතම සාමාජිකයෙක් එකතු කරමින්  Vision Pro වෙත OpticID නම් වන නව biometric ආරක්ෂිත ක්‍රමවේදයක් හදුන්වා දෙනු ලැබුවා. එය ක්‍රියාත්මක වන්නේ ඇස සමඟිනි.

OpticID

අවසානයට Apple සමාගම විසින් Vision Pro හි මිල නිවේදනය කරනු ලැබූ අතර එය ඇමරිකානු ඩොලර් 3,499ක් ලෙසින් සටහන් වුනා. Vision Pro නිකුත් කිරීම ලබන වසරේ මුලදී සිදු කරන බව Apple සමාගම නිවේදනය කරනු ලැබුවා.

මේ article එක ලියන්නේ කොහොමද, කොතනින්ද පටන් ගන්නේ, කොහොමද ඉවරකරන්නේ කියල හිතාගන්න බැරුව තමයි ලිව්වේ. ඒ තරම් innovative product එකක් තම​යි Vision Pro කියන්නේ. මේ ගැන තව ලියන විදිහ ගැන හිතාගන්න බෑ. ඔයාලට Vision Pro ගැන වැඩි විස්තර දැන ගන්න පුලුවන් www.apple.com/apple-vision-pro website එකට ගියොත්.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara