OnePlus 9 ජංගම දුරකතනයේ design එක පිලිබඳව තොරතුරු අන්තර්ජාලයට නිකුත් වෙයි

OnePlus 9 ජංගම දුරකතනයේ design එක පිලිබඳව තොරතුරු අන්තර්ජාලයට නිකුත් වෙයි

ඔබට මතක ඇති අපි සදහන් කරා OnePlus 9 Series එක 2021 මාර්තු මාසයේදි නිකුත් කිරීමට OnePlus සමාගම සූදානමින් සිටින බව. ඒ වගේම අපි OnePlus 9 Series එකේ Model Numbers සහ Key Specifications පිළිබඳවත් තොරතුරු ගෙන ආවා.

මේ වන විට නිකුත් වි තිබෙන OnePlus 9 Series එකේ CAD Render වලට අනුව අපිට මේ 9 Series එක මිට පෙර OnePlus Smartphone වල Design එකෙන් සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වි ඇති බව බලා ගන්න පුළුවන්. මේ Leaks වලට අනුව අපිට බලාගන්න පුළුවන් මේ Series එක බොහෝ විට Flat Display Panel එකක් සමග එයි කියල.

ඒ වගේම මෙහි Display එක විදිහට අගල් 6.55ක Display එකක් බලාගන්න පුළුවන්. ඒ වගේම මේ Series එකේ පසුපස යම්තාක් දුරට Curved Design එකක් බලාගන්න පුළුවන්. ඒ වගේම බොහෝ විට Triple Camera Setup එකක් අඩංගු වනු ඇත. Selfie Camera Setup එක වම් පසට වු Hole-punch Design එකකින් බලාගන්න පුළුවන්.

කෙසේ වෙතත් තවමත් OnePlus 9 Series එක පිළිබඳව නිල වශයෙන් තොරතුරු කිසිවක් පල වි නොමැති අතර ඉදිරියේදි අපිට තහවුරු කරන ලද තොරතුරු බලාපොරොත්තු විය හැකියි.

Sources : 91mobiles, Android Authority

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna