iPhone 15 Proහි නව Action Button එක භාවිතා කර සිදු කළ හැකි දේවල් මෙන්න

iPhone 15 Pro Device වල සිඳුවූ නව වෙනස්කමක් ලෙස පෙර තිබූ Alert Slider එක ඉවත් කර ඒ වෙනුවට Action Button එකක් යෙදීම දක්වන්නට පුළුවන්.

iPhone 15 Proහි නව Action Button එක භාවිතා කර සිදු කළ හැකි දේවල් මෙන්න

පසුහිය 12 වනදා iPhone 15 Series එක නිකුත් වූ බවත් එම Devices පීළිබඳවත් Android වැඩකාරයෝ අපි තොරතුරු ගෙන ආවා ඔබට මතක ඇති. iPhone 15 Pro Device වල සිඳුවූ නව වෙනස්කමක් ලෙස පෙර තිබූ Alert Slider එක ඉවත් කර ඒ වෙනුවට Action Button එකක් යෙදීම දක්වන්නට පුළුවන්.


මෙම නව Action Button එක පෙර Alert Slider එක තිබූ ස්ථානයේ එනම් Volume Rocker එකට ඉහළින් පිහිටා තිබෙනවා. මෙය භාවිතා කිරීමේදී මේ තුළින් පරිශීලකයාට එමඟින් සිදුවන ක්‍රියා පිළිබඳ Haptic Feedback එකක් ලැබෙන අතර, මේ හරහා සිදු කරන සියලුම Alerts Dynamic Island එකෙහි බලාගැනීමට හැකියාව තිබෙනවා.

නව Action Button එක භාවිතා කරමින් iPhone 15 තුළ සිදු කළ හැකි දේවල් කිහිපයක් පහත දක්වා ඇත.

  • Ringing සහ Silent Mode අතර හුවමාරු වීම
  • Camera App එක Launch කිරීම
  • විවිධ Focus Modes අතර හුවමාරු වීම
  • Flashlight එක on/off කිරීම
  • Voice Memos Record කිරීම
  • Magnifier App එක Launch කිරීම
  • Access accessibility options භාවිතා කිරීම
  • භාෂා පරිවර්තනය (මේ වසර අගදී පැමිණේ)

මෙම Action Button එක Apple Watch Ultraහි Action Button එකට බොහෝ සෙයින් සමාන වන අතර මෙයටද Customize කරන ලද Shortcuts යෙදිය හැකිවනවා.


ඉදිරියේදීත් මෙවැනිම වූ තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Source: beebom.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna