HarmonyOS ඇතුලත් ජංගම දුරකථනයක් මෙම වසරේදී නිකුත් කිරීමේ සැලසුමක් නැත: Huawei වාර්තා කරයි

HarmonyOS ඇතුලත් ජංගම දුරකථනයක් මෙම වසරේදී නිකුත් කිරීමේ සැලසුමක් නැත: Huawei වාර්තා කරයි

Huawei සමාගම හා ඉතාමත් ලඟින් කටයුතු කරන තාක්ෂණික විශ්ලේෂකයෙකු වන Ma Jihua විසින් Global Times වෙත නිකුත් කල ප්‍රකාශයක් ඔස්සේ පසුගිය සතියේ අප වෙබ් අඩවිය විසින් ඔබවෙත ගෙන ආ පුවතක් වූයේ, Huawei සමාගම විසින් මෙම වසරේ අග වන විට HarmonyOS භාවිතා කරමින් තම පළමු ජංගම දුරකථනය නිකුත් කරනු ඇතැයි යන්නය.

Huawei සමාගමේ Consumer Business CEO ලෙස කටයුතු කරන Yu Chengdong විසින් Qingdao Summitහි Yabuli Forum වෙත සහභාගී වූ විට මෙම පුවත ගැන අදහස් පල කරමින් මෙම වසර අගදී HarmonyOS එක භාවිතා කරමින් ජංගම දුරකථනයක් නිකුත් කිරීමේ සැලසුමක් තම සමාගම සතුව නොමැති බව ප්‍රකාශ කල බව Sina වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ගිය වසරේ (2019) Huawei සමාගමේ ජ්‍යේෂ්ඨ උප සභාපති ධුරය හොබවන Vincent Yang විසින් මෙයට සමාන ප්‍රකාශයක් කරමින් පවසා තිබුනේ, Huawei සමාගම විසින් දිගටම Android සමඟින් තම ecosystem එකක් ඉදිරියට පවත්වාගෙන යන බවත්, HarmonyOS එක සංවර්ධනය කරන්නේ කල හැක්කක් නොමැතිම අවස්තාවකදී භාවිතා කිරීමේ දෙවන සැලසුමක් හෙවත් Plan-B එකක් ලෙස බවත්ය.

මේ දිනවල Huawei සමාගම විසින් ඔවුන් විසින් නිර්මාණය කරන EMUI 11 නම් අතුරුමුහුණත Android 11 සමඟ නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින අතර ඊට සමගාමීව HarmonyOS 2.0ද නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවනවා. HarmonyOS 2.0හි විශේෂත්වය වන්නේ එය smartwatch, PSs සහ ටැබ්ලට් උපාංග වලට පවා සහය දැක්වීමයි. මේ වන විට HarmonyOS එක SmartTV වල භාවිතා වනවා.

Source: Gizmo China

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna