Samsung Galaxy S8 Devices සඳහා Updates ලැබීම තවදුරටත්?

Samsung Galaxy S8 Devices සඳහා Updates ලැබීම තවදුරටත්?

ඕනෑම ජංගම දුරකථනයක් සදහා නිශ්චිත කාලයකට පසුව අදාළ සමාගම විසින් ඒ සඳහා Updates ලබා දීම නවතා දමනවා. මෑතකදී Samsung සමාගම විසින් සිය දුරකථන සඳහා Security Updates වසර 4ක් සහ වැඩිදියුණු කිරීම් වසර 3ක් දක්වා ලබා දෙන බව මෑතකදී සඳහන් කළා. නමුත් එය අදාළ වන්නේ 2019 හෝ ඊට පසු නිකුත් වූ දුරකථන සඳහා පමණයි.

Samsung Galaxy S8 කියන්නේ 2017 දී නිකුත් වුණ Device එකක් වෙන බැවින් එය පැහැදිලිවම ඉහත Updates Extend කරපු Devices අතරට අයත් විමක් සිදු වෙන්නේ නැ. එම නිසා, මේ වන විට Galaxy S8 කියන්නේ Updates ලැබිම නැවති තිබෙන Device එකක්. කොහොම නමුත්, මේ වන විට, Samsung Galaxy S8 දුරකථනය 2021 නොවැම්බර් මාසයට අදාල Security Update එක ලබා දෙන්න Samsung සමාගම විසින් කටයුතු කර තිබෙනවා.

ඒ වගේම Galaxy S8 Smart Phone එකට අනපේක්ෂිත Update ලැබුණු දෙවන අවස්ථාව මෙය වනවා. මේ වසරේ ජූලි මාසයේදී එයට නව Security Patch Update එකක් ද ලැබුණා. කෙසේ නමුත් Galaxy S8 Device එක Samsung ලාගේ Updates Support කරන Devices වලට ඇතුළත් නොවුනත් ඊට පිටතින් Updates ලබා දීම විමතියට කරුණක් ලෙස සදහන් කරන්න පුළුවන්.

Samsung සමාගම විසින් මේ දුරකථනය සඳහා දිගටම Updates නිකුත් කරන්නේ කරන්නේ මන්දැයි කිසිවෙකුටත් නිසි අදහසක් නොමැති අතර ඔබටත් Samsung Galaxy S8 දුරකථනයක් තිබේ නම්, Updates පරීක්ෂා කිරීම මගින් මෙය ලැබි තිබේ දැයි පරික්ෂා කළ හැකි වෙනවා. මෙලෙස නොවැම්බර් මාසයට අදාල Security Update එක මේ වන විට ප්‍රංශය සදහා ලැබි ඇති අතර ඉදිරි දින කිහිපය තුළ එය වෙනත් රටවලටත් නිකුත් වනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

Source: Android Authority

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara