Samsung Galaxy S24 Ultra සඳහාත් මෙගාපික්සල් 200ක කැමරාවක්?

වාර්තා වන තොරතුරු වලට අනුව S24 මාදිලියේ Ultra Device එක සඳහා මෙගා පික්සල් 200කින් යුත් ප්‍රධාන කැමරා Sensor එකක් භාවිතා වනු ඇතැයි සඳහන් වනවා.

Samsung Galaxy S24 Ultra සඳහාත් මෙගාපික්සල් 200ක කැමරාවක්?

නිකුත් වීමට නියමිත Galaxy S24 Series එක පිළිබඳව නිකුත් වූ Rumors කිහිපයක් අපි මීට පෙර ඔබට වාර්තා කළා ඔබට මතක ඇති. වාර්තා වන තොරතුරු වලට අනුව මේ මාදිලියේ Ultra Device එක සඳහා මෙගා පික්සල් 200කින් යුත් ප්‍රධාන කැමරා Sensor එකක් භාවිතා වනු ඇතැයි සඳහන් වනවා.

මෙම 200MP Senor එක ISOCELL HP2SX ලෙසින් හඳුන්වන අතර එය S23 Ultraහි භාවිතා කරන ලද Sensor එක වූ ISOCELL HP2හිම Optimized Version එකක් බවයි තොරතුරු වාර්තා වන්නේ. මෙම නව Sensor එකෙහිද පෙර පරිදිම තනි පික්සලයක ප්‍රමාණය 0.6µmක් වනවා.

Galaxy S24 Ultra Device එක පිළිබඳව වාර්තා වී ඇති අනෙකුත් rumors පිළිබඳ සලකා බැලූ විට එහි Display එක අඟල් 6.78 ප්‍රමාණයක් සමඟ 19.5:9 ක Aspect Ratio එකකින් යුත් 3,120*1,440ක Resolution එකකින් පැමිණිය හැකි බවත් සඳහන්. තවද එහි උපරිම Brightness ප්‍රමාණය Nits 2,500ක තරම් ඉතා ඉහළ අගයක් ගනු ඇතැයිද වාර්තා වනවා.

Battery එක සහ Charging පිළිබඳ කතා කළ විට 5,000mAhක Battery එකකින් යුක්ත විය හැකි අතර 45Wක wired charging එකක්, 15W wireless charging එකක් සහ 4.5Wක Reverse Charging එකක් ද බලාපොරොත්තු විය හැකිවනවා.

මෙලෙස වාර්තා වී ඇති තොරතුරු කිසිවක් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර Galaxy S24 Series එක මීළඟ වසරේ පෙබරවාරි මාසයේදී පමණ නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිවනවා.


ඉදිරියේදීත් මෙවැනිම වූ තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Source: androidauthority.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara