Galaxy S24 සහ S24+ Smartphones සඳහාද LTPO Displays යෙදීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි

මෙතෙක් S Serries එකෙහි Ultra Device වල Displays සඳහා පමණක් සීමාවූ LTPO තාක්ෂණය S24 Series එකෙහි සිට S24 සහ S24+ Device සඳහාද යෙදීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.

Galaxy S24 සහ S24+ Smartphones සඳහාද LTPO Displays යෙදීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි

Galaxy S21 Ultra යනු, Galaxy S Series එකේ LTPO Display එකක් භාවිතා කරන ලද පළමු Smartphone එක වනවා. මේ LTPO තාක්ෂණය මඟින් Smooth Refresh Rate එකක් මෙන්ම Battery එක ඉතිරි කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. නමුත් Samsung සමාගම විසින් මේ LTPO Display භාවිතා කරන ලද්දේ Ultra Device එකට පමණක් වූ අතර පසුගිය S22 සහ S23 Series වලදීත් එය එසේම වූවා.

කෙසේ නමුත් නිකුත් වීමට නියමිත Galaxy S24 Series එකේ S24 සහ S24+ යන Device දෙක සඳහාත් මේ LTPO Displays යොදන බවට තොරතුරු වාර්තා වනවා. මීට අමතර එම තොරතුරුවල වැඩි දුරටත් සඳහන් වන්නේ, එම Device වල Displays ඉතා පටු Bezels වලින් යුක්ත වන බවයි.

Image Source: samsung.com

මේ වන තෙක් වාර්තා වී ඇති තොරතුරු වලට අනුව Display Resolutions වල වෙනස් වීමක් දක්වා නොමැති අතර නැවත FHD+ භාවිතා කරයිද නැතිනම් QHD+ ආපසු භාවිතා කරයිද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු ලැබී නොමැතිවනවා.

Samsung Galaxy S24 Series එක පිළිබඳව ඉදිරියටත් නිකුත් වන නවතම තොරතුරු දැන ගැනීම සඳහා, Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna