OnePlus Nordහි display tinted issue එකක් මතුවේ

OnePlus Nordහි display tinted issue එකක් මතුවේ

වාර්තා වන ආකාරයට, මේ වන විට නිකුත් වී ඇති Oneplus Nord දුරකථන මාදිලි වල තිර දම්පැහැ වර්ණයෙන් tint වීමේ දෝෂයක් සහ දුරකථනය හැරවීමේදී වර්ණ වෙනස්කම් සිදුවීමේ දෝෂයක් පෙන්වනු ලබයි.

Reddit හි සහ නිළ OnePlus forum එකෙහි, මෙම දුරකථන pre-order කර ලබාගත් පිරිස මෙම දෝෂ ගැන පැමිණිලි කරමින් සිටී. ඔවුන් කරන පැමිණිලි අතර, AMOLED තිරයේ දීප්තිය 25% කට වඩා අඩු කිරීමේදී තිරයේ අඳුරු පැහැති ප්‍රදේශ දම්පැහැයෙන් tint වීම සහ තිරයේ පහළ කොටස අවපැහැයට හැරීම පෙන්වාදිය හැක.

OnePlus 8 Pro දුරකථනයේද මෙවැනි දෝෂ මුලින් මතු විය. මෙම දෝෂ වලට හේතුව දෘඩාංග වල දෝෂයක්ද, මෘදුකාංග වල දෝෂයක් ද යන්න තවමත් පැහැදිලි නැත. මෑතක දී release කරන ලද OxygenOS OTA update එකෙන් පසු OnePlus 8 Pro දුරකථනයේ මතුව තිබූ කොළ පැහැයෙන් tint වීමේ දෝෂය බොහෝදුරට සමනය කරන ලදි. Nord දුරකථනයේ දෝෂයත් මෙලෙස මෘදුකාංග භාවිතා කොට සමනය කළ හැකිදැයි යන්න ප්‍රශ්ණයකි.

මෙම දෝෂය ගැන 9to5google අඩවිය වෙත OnePlus සමාඟම ලබා දී ඇත්තේ පහත ආකාරයේ ප්‍රතිචාරයකි.

OnePlus Nord දුරකථනය නිපදවන්නේ ඉහළ ගුණාත්මක කමින් යුතු 90Hz AMOLED තිරයක් සමඟිනි. අඩු දීප්තියකින් තිරය භාවිතා කිරීමේදී යම් අවස්ථා වලදී කුඩා අවපැහැගැන්වීම් දැකීමට ලැබීම AMOLED තිර වල සාමාන්‍ය ලක්ෂණයකි. මෙම අවපැහැයට හැරීම් තිරයේ අනෙකුත් බොහෝ ගති ලක්ෂණ සමඟ වෙනස් විය හැකියි. මෙය දුරකථනයේ ගුණාත්මක භාවය (Quality එක) සම්බන්ධ අඩුලුහුඬුකමක් නොවන අතර, මෙය එදිනෙදා භාවිතයේදී පාරිභෝගිකයන් වෙත බල නොපායි. OnePlus සමාගම නිරතුරුවම තමන්ගේ පාරිභෝගිකයන් වෙත නවතම තාක්ෂණයෙන් පිරි තිර සහිත දුරකථන නිපදවයි. ඉදිරියටත් එය එලෙසම සිදු වේවි.

අදාළ දෝෂය ගැන පැමිණිලි වැඩි වුවහොත්, මෙම දෝෂය සම්බන්ධව මෙයට වඩා වෙනස් වූ ප්‍රකාශයක් සිදු කිරීමට OnePlus සමාඟමට සිදු වනු ඇත. ඉදිරි සති කිහිපයේදී මේ දෝෂය පිළිබඳ කුමන පිළිවෙතක් OnePlus සමාඟම අනුගමනය කරයිද සහ කුමන ආකාරයේ පාරිභෝගික ප්‍රතිචාර ලැබේදැයි අපි බලා සිටිමු.

Source - 9to5google

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara