වීඩියෝ ක්‍රීඩාවේ පෙරළියක් ඇති කළ Rovio Classics: Angry Birds සිය ගමනේ අවසානය සනිටුහන් කරයි

Rovio Classics: Angry Birds වීඩියෝ ක්‍රීඩාව මෙම වසරේ පෙබරවාරි 23 වන දින සිය නිමාව සනිටුහන් කරන බව එහි නිර්මාතෘ වන Rovio Entertainment ආයතනය පසුගිය දා twitter පණිවිඩයකින් දක්වා සිටිය හ. ඒ ලෝකයේ වඩත්ම ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා වලින් එක් යුගයක අවසානය සනිටුහන් කරමිනි.

වීඩියෝ ක්‍රීඩාවේ පෙරළියක් ඇති කළ Rovio Classics: Angry Birds සිය ගමනේ අවසානය සනිටුහන් කරයි

වර්තමානයේ ලොකු කුඩා සෑම සියලු දෙනාම වරක් හෝ වීඩියෝ ක්‍රීඩාවක් ක්‍රීඩා කර ඇත්තේ ය. ඒ අතරින් Angry Birds වීඩියෝ ක්‍රීඩාව නොදන්නා කෙනෙක් නැති තරම් ය.

Rovio Entertainment ආයතනය 2009දී සිය මුල් Angry Birds වීඩියෝ ක්‍රීඩාව නිකුත් කර, පසුව එය Rovio Classics: Angry Birds ලෙස අලෙවි කරන ලදි. එම වීඩියෝ ක්‍රීඩාව මෙම වසරේ පෙබරවාරි 23 වන දින සිය නිමාව සනිටුහන් කරන බව එහි නිර්මාතෘ වන Rovio Entertainment ආයතනය පසුගිය දා twitter පණිවිඩයකින් දක්වා සිටිය හ. ඒ ලෝකයේ වඩත්ම ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා වලින් එක් යුගයක අවසානය සනිටුහන් කරමිනි.

End of an era: Original Angry Birds game will be delisted from Play Store on February 23

ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ මෙම Rovio Classics: Angry Birds වීඩියෝ ක්‍රීඩාව නිසා Angry Birds 2, Angry Birds Friends, Angry Birds Journey, Angry Birds Dream Blast, සහ Angry Birds Minecraft ඇතුළු ඔවුන්ගේ අනෙකුත් වීඩියෝ ක්‍රීඩාවන් වෙත ඇතිවන බලපෑම හේතුවෙන් Angry Birds Classic ක්‍රීඩාව Google Play Store වෙතින් ඉවත් කිරීමට තීරණය කළ බවයි.

ඉහත සදහන් කළ සෑම Angry Birds වීඩියෝ ක්‍රීඩාවක්ම Google Play Storeහි පමණක් බාගත කිරීම් මිලියන 100 ඉක්මවා වාර්තා කිරීම තුළින්ම මේ Angry Birds විඩියෝ ක්‍රීඩා මාලාවේ සාර්ථකත්වය ඉස්මතු වෙනවා.

කෙසේ වෙතත් Angry Birds Classic ක්‍රීඩාව තවදුරටත් Apple App Storeහි පවතින අතර එය මින් ඉදිරියට Red’s First Flight ලෙස නම් කර ඇති බවත් එම ආයතනය වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

Source: gsmarena.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara