HTC U Series නවතම සාමාජිකයා එළඹෙන සතියේ නිකුත් වේ

HTC මීලග සාමාජිකයා ලෙස මේ වසර සඳහා නියමිත HTC U Series Smartphone එක නිකුත් කිරීමට සියල්ලම සුදානම්ව පවතිනවා. HTC සමාගමේ නිල X ගිණුම ඔස්සේ නිවේදනය කර ඇති පරිදි මෙම මස 12 වන දින මේ නව U Series Smartphone එක එළිදැක්වෙනු ඇත.

HTC U Series නවතම සාමාජිකයා එළඹෙන සතියේ නිකුත් වේ

Android Smartphones Market එකේ විශාල ජනප්‍රියත්වයක් ලබා සිටි තවමත් බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවන Smartphone Brand එකක් ලෙස HTC හඳුන්වා දෙන්න පුලුවන්. කෙසේ වෙතත් ඔවුන් විසින් 2020 වසරේ සිටම තවමත් ඔවුන්ගේ HTC U Midrange Series එක වෙළදපොලට නිකුත් කරමින් සිටිනවා. මෙහි නවතම සාමාජිකයා ලෙස පසුගිය වසරේදී HTC U23 Pro නිකුත් වුවා.

මෙහි මීලග සාමාජිකයා ලෙස මේ වසර සඳහා නියමිත HTC U Series Smartphone එක නිකුත් කිරීමට සියල්ලම සුදානම්ව පවතිනවා. HTC සමාගමේ නිල X ගිණුම ඔස්සේ නිවේදනය කර ඇති පරිදි මෙම මස 12 වන දින මේ නව U Series Smartphone එක එළිදැක්වෙනු ඇත.

වාර්තා වන තොරතුරුවලට අනුව මෙය HTC U24 හෝ එයට සමාන නමකින් හඳුන්වා දෙනු ඇති බවට දක්වන්න පුලුවන්. එමෙන්ම මෙයත් Midrange Smartphone එකක් ලෙස වෙළදපොලට නිකුත් වනු ඇති බව දක්වන්න පුලුවන්. මෙය Qualcomm සමාගමේ Snapdragon 7 Gen 3 Chipset එක මගින් බලගැන්වෙන අතරහ 12GB RAM එකකට හිමිකම් කියනු ලබනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

Source: 9to5google.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna