Windows 11 සඳහා සහය දක්වන Intel, AMD සහ Qualcomm processors මොනවාද?

Windows 11 සඳහා සහය දක්වන Intel, AMD සහ Qualcomm processors මොනවාද?

Microsoft සමාඟම විසින් Windows 11 නිළ වශයෙන් එළි දැක්වීමෙන් අනතුරුව, Windows 11 සංස්කරණය සහයෝගය දක්වන ප්‍රොසෙසර් ලයිස්තුව ප්‍රකාශයට පත් කර ඇත.

මෙම ලයිස්තුවේ ඔබ භාවිතා කරන පරිගණකයේ ඇති ප්‍රොසෙසරය ලයිස්තුගත කර ඇත්නම් ඔබේ පරිගණකය Windows 11 සඳහා සහයෝගය දක්වනු ඇත.

මෙම ලැයිස්තුව Intel, AMD සහ Qualcomm ලෙස කොටස් තුනකට බෙදා ඇත.

Windows 11 සඳහා සහාය දෙන Intel ප්‍රොසෙසර් ලයිස්තුව

Intel Core ප්‍රොසෙසර් මාදිලියේ 7th Gen ප්‍රොසෙසර් සහ ඊට පහළ Gen ප්‍රොසෙසර් මෙම ලයිස්තුවේ Microsoft සමාඟම විසින් ඇතුළත් කර නැත. එයින් පැහැදිලි වන්නේ Intel Core මාදිලියේ 8th Gen ප්‍රොසෙසර සහ ඊට ඉහළ ප්‍රොසෙසර Windows 11 යාවත්කාලීන කිරීම සඳහා සහයෝගය දක්වනු ඇති බවයි. කෙසේ නමුත්, මෙම CPU අවශ්‍යතාවයන් ඉදිරියේදී ලිහිල් කරනු ඇතැයි අනුමාන කළ හැක.

Windows 11 සඳහා සහය දක්වන Intel ප්‍රොසෙසර් ලයිස්තුව මෙතැනින් ලබාගත හැක.

Windows 11 සඳහා සහාය දෙන AMD ප්‍රොසෙසර් ලයිස්තුව.

Athlon, EPYC සහ Ryzen මාදිලියේ AMD ප්‍රොසෙසර් සඳහා Windows 11 සහයෝගය දක්වයි. Zen+ architecture එක සහිත Ryzen මාදිලියේ ප්‍රොසෙසර් සහ ඊට ඉහළ Ryzen ප්‍රොසෙසර් සඳහා Windows 11 සහය ලැබී ඇත. එනම්, 2018 වසරෙන් පසු නිකුත් වූ AMD ප්‍රොසෙසර් සඳහා Windows 11 සහාය දක්වනු ඇත.

Windows 11 සඳහා සහය දක්වන AMD ප්‍රොසෙසර් ලයිස්තුව මෙතැනින් ලබාගත හැක.

Windows 11 සඳහා සහාය දෙන Qualcomm  ප්‍රොසෙසර් ලයිස්තුව.

ඔබ Windows ARM මාදිලියේ සංස්කරණයක් භාවිතා කරන Snapdragon චිපයක් සහිත උපාංග භාවිතා කරන්නේ නම්, පහතින් දැක්වෙන්නේ Windows 11 සඳහා සහාය දක්වන Snapdragon Chipset ලයිස්තුවයි.

  • Snapdragon 850
  • Snapdragon 7c
  • Snapdragon 8c
  • Snapdragon 8cx
  • Snapdragon 8cx (Gen2)
  • Microsoft SQ1
  • Microsoft SQ2

මෙම ලැයිස්තු වල සඳහන් නොවන නමුත්, Windows 11 සඳහා සහය දක්වන පැරණි ප්‍රොසෙසර් පිළිබඳව ඉදිරියේදී Microsoft විසින් නිවේදනය කරනු ඇත.

Sources: Microsoft, Microsoft

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara