Galaxy S22 සඳහා One UI 5 beta එක නිකුත් කර​යි

Galaxy S22 සඳහා One UI 5 beta එක නිකුත් කර​යි

Samsung සමාගම විසින් මේ වෙන විට තෝරාගත් රටවල්වල Galaxy S22 Series එක සදහා Android 13 නැතිනම් One UI 5 Beta Update එක ලබා දෙමින් පවතිනවා. ඒ අනුව ජර්මනිය, චීනය, ඉන්දියාව, පෝලන්තය, දකුණු කොරියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයට මෙම Beta Update එක ලබා ගත හැකි වෙනවා.

Samsung සමාගම විසින් ඔවුන්ගේ Community Forum එකේ ද සටහන් කරමින් ජර්මනිය සදහා පළමුවෙන්ම One UI 5 Beta Update එක නිකුත් කල අතර මෙය Galaxy S22 Series එකේ Devices වන Galaxy S22, S22 Plus හා S22 Ultra Models සදහා ලබා ගත හැකි වනවා.

කෙසේ වෙතත් මෙම රටවල්වලට අමතරව අනෙක් රටවල් සදහා One UI 5 Beta Update එක ලබා දෙන්නේ කවදා දැයි යන්න පිළිබඳ තවමත් Samsung සමාගම විසින් ප්‍රකාශ කළ නොමැති අතර ජර්මනිය සදහා නිකුත් කරන ලද One UI 5 Beta Update එකද පළමු 500 දෙනා සදහා පමණක් සිමා කර තිබෙනවා. කෙසේ වෙතත් මෙය සමහර විට අනෙක් රටවලදී වෙනස් විමට ඉඩ පවතිනවා.

එමෙන්ම තවමත් ශ්‍රී ලංකාව සදහා මෙය නිකුත් වි නොමැති අතර එලෙස නිකුත් වු විගස අප ඔබ වෙත තොරතුරු ගෙන එමට බබලාපොරොත්තු වනවා.

Sources: Android Authority Samsung

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara