Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ.

මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද engaging game mechanics craft/design කරන්නේ කියලා. ඔයා develop කරන game එකේ heartbeat එක තමයි මේ game mechanics. මේ game mechanics තමයි determine කරන්නේ ඔයා මහන්සි වෙලා හදන game world එකත් එක්ක player interact වෙන්නේ කොහොමද කියන එක. ඔයා මේ game mechanics ගැන හිතන්න ඕන මොනවා හරි problems solve කරන්න, challenges overcome කරන්න, ඔයා විසින් player ට දෙන tools විදියට. අන්න ඒ දේ ඔලුවේ තියාගෙන මෙතන ඉඳන් කියවගෙන යමු.

මේ ගැන අපි ඔබ වෙත ගෙනාපු ප්‍රථම ලිපිය මෙතනින් ඔයාට බලන්න පුලුවන්.

Simplicity

අපි කොහොමද එතකොට මේ කියනවා වගේ (not just functional, but truly engaging) game mechanics හදන්නේ? ඒක ඇත්තටම පටන් ගන්නේ මෙන්න මේ සරල වචනයෙන්. ඒ තමයි SIMPLICITY. බොහොමයක් වෙලාවට සරල game mechanics තමයි best game mechanics වෙන්නේ. නිකමට super mario වගේ platformer එකක basic jump එක ගැන හිතලා බලන්න. ඒක ගොඩක් simple action එකක්. හැබැයි අපි දන්නවා ඒ gameplay එකට ඒ simple action එක කොයිතරම් possibilities open කරලා දෙනවද කියලා. ඉතිං game mechanics වලදී key concept එක තමයි, ඔයා implement කරන mechanics පහසුවෙන් player ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන, හැබැයි game එක play කරන කාලය පුරාවටම player ගේ interest එක තියාගන්න තරම් depth එකක් තියෙන්නත් ඕන.

Feedback

ඊළඟට අපි කතාකරමු feedback ගැන. "Every action a player takes should produce some kind of FEEDBACK". Feedback එකෙන් කරන්න ඕන දේ තමයි player කරන දේ හරි හෝ වැරදි යි කියලා යම්කිසි signal එකක් දෙන එක. මේ feedback (signal) එක, එක්කෝ animation එකක්, score popup එකක් වගේ visual feedback එකක් වෙන්න පුළුවන්. නැත්නම් satisfying sound එකක් or haptic එකක් වගේ controller එකක vibration එකක් වෙන්නත් පුළුවන්. ඉතිං මේ මොකක් වුණත් feedback කියන දේ crucial දෙයක්. මොකද මේකෙන් player ගේ actions reinforce කරනවා වගේම තමයි එයාලා game world එකට connected කියන එක feel කරනවා.

Flow

ඊළඟට තවත් වැදගත් element එකක් තමයි flow එක. Game එකක හැම දෙයක්ම smoothly and naturally සිද්ධවෙනවා කියන feeling එක තමයි ඇත්තටම මේ overall flow එක කියලා කියන්නේ. විශිෂ්ට මට්ටමේ mechanic එකක් හැම වෙලේම contribute කරනවා මේ overall flow එකට. Mechanics හරි විදියට design කළාම ඒවා උදව් වෙනවා player ට එක challenge එකක ඉඳලා අනිත් එකට seamlessly move වෙන්න, player ව engage කරලා තියාගන්න ගමන්ම. Fast-paced games වලදී මේ දේ සෑහෙන්න වැදගත් වෙනවා.

Innovation

අවසාන වශයෙන් අපි කතා කරමු Innovation ගැන. Game එකක දී simplicity සහ familiarity කියන දේවල් වැදගත් තමයි. හැබැයි අපි බය වෙන්න ඕන නැහැ දේවල් innovate කරන්න. ගොඩක් වෙලාවට unique mechanics වලට පුළුවන් වෙනවා ඔයාගේ game එක competition එකෙන් වෙනම ම level එකකට ගෙනියන්න. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි, අපි කරන innovation එකෙන් වෙන්න ඕන gameplay එක enhance වෙන එක මිසක් ඒක complicate කරන එක නෙවෙයි. මේ හැමදේකින්ම අපිට දෙන message එක තමයි අපි හොයාගන්න ඕන මේ "new" කියන දේ සහ "familiar" කියන දෙක අතර balance එක. එතකොට අපිට පුළුවන් වෙනවා player කවදාවත් experience කරපු නැති අලුත් අත්දැකීමක් ලබා දෙන්න.

අවසාන වශයෙන් මන් අද ලියපු දේවල් සාරාංශයක් බැලුවොත්,

1. ඔයාගේ game mechanics simple කරන්න හැබැයි ඒවා deep වෙන්නත් ඕන කියන එක අමතක කරන්න එපා.

2. Player ගේ actions reinforce කරන්න clear feedback හැමවෙලේම දෙන්න උත්සාහ කරන්න.

3. ඔයාගේ game එකේ හැමදේම smoothly flow වෙනවා කියන එක තහවුරු කරගන්න.

4. Innovate කරන්න ලැජ්ජා වෙන්න හෝ බය වෙන්න එපා.

ඉතිං ඔය මන් කතා කරපු principles consider කළොත් ඔයාගේ game එකටත් well-designed gameplay mechanics craft කරලා, players ලා ව engage කරලා තියාගන්න පුළුවන් වෙයි සහ players ලා ව excite කරන්නත් ඔයාට පුළුවන් වෙයි.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna