Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලුවන් නම් තවත් හොඳයි. අපි මේකේ core එකටම ගිහින් බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් game design කියන්නේ අපි නිර්මාණය කරන game world එකත් එක්ක, player කොහොමද interact වෙන්නේ කියන දේ ගැන rules එහෙමත් නැත්නම් decisions හඳුන්වාදෙන එක කියල.

මේ පළවෙනි mini article එකෙන් මන් video game designer කෙනෙක් දැනගෙන ඉන්න ඕන fundamental concepts 03 ක් ගැන කතා කරනවා.

  1. Player Engagement
  2. Balance
  3. Challenge

1. Player Engagement

මේ concept එකේදී තනිකරම කතා කරන්නේ කොහොමද අපි player ව hook කරලා තියාගන්නේ? කියන එක ගැන. Game එක start කරපු මොහොතේ ඉඳන් player ට කුතුහලය දැනෙන්න ඕන. ඒ අතරම entertain වෙන්න ඕන සහ ඊළඟට මොකක්ද වෙන්නේ? කියන දේ ගැනත් කුතුහලය දැනෙන්න ඕන. එත් game designers ලා විදියට අපි ඒක කරන්නේ කොහොමද?, එතනදී තමයි අපි අපේ target audience එක හරියට තේරුම් අරගෙන ඉන්න එක වටින්නේ. හරියටම කිව්වොත් එයාල මොනවද enjoy කරන්නේ?, සහ game එක දිගටම play කරන්න එයාලව motivate කරන්නේ මොන වගේ දේවල් ද? කියන එක. ඒක compelling story එකක් වෙන්න පුළුවන්, addictive gameplay එක වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් challenging puzzles වෙන්න පුළුවන්. මේ මොන දේ හරි අපි අන්න ඒක හොයාගන්න ඕන. එතකොට ඔයාට පුළුවන් player ව ආයේ ආයේ ඔයාගේ game එකට ගෙන්වගන්න.

2. Balance

මේ concept එකේදී අපි තහවුරු කරගන්න ඕන gameplay එකේදී එක strategy එකක් නැත්නම් එක mechanic එකක් dominate කරන්නේ නැහැ කියන එක. මොකද එහෙම වුණොත් ඒකෙන් gameplay එකේ අපි දෙන්න හදන fun එක ruin වෙලා යන්න පුළුවන්. Fighting game එකක දී එක එක වර්ගයේ characters වල strength එක balance කරන එක, game එකේ difficulty curve එක හරි විදියට තියෙනවා කියන දේ player ට දැනෙන්න දෙන එක, මේ ඕනම දේකදී balance කියන දේ තමයි මූලික වෙන්නේ. හොඳට balance කරපු game එකක දී player ට challenge කියන දේ feel වෙනවා, හැබැයි එයා frustrate වෙන්නේ නැහැ. ඒක තමයි balance වල magic එක.

3. Challenge

Gameplay එකේ challenge level එක හරි ගානට තියාගන්න එක ගොඩක් වැදගත් player engagement එකට. Too easy නම් players ලා ඉක්මනින් boring වෙනවා. Too hard නම් එක තැනකදී players ලා give up කරනවා. ඒ නිසා මේ difficulty curve (the balance between player's skill and your game's challenge level) එක හරි විදියට තියාගන්න එක, සාර්ථක game එකකට ගොඩක් වැදගත් දෙයක්. මතකතියාගන්න, challenge එක feel වෙන්න දෙන එක combat හෝ puzzles වලින් විතරක් ම නෙවෙයි ඒක narrative, exploration එහෙම නැත්නම් players ලා ගන්න තීරණ වලින් වුණත් කරන්න පුළුවන් දෙයක්.

ඉතින් මේ පළවෙනි mini article එකෙන් මන් ලිව්වේ විශිෂ්ට මට්ටමේ game design එකක තියෙන්න ඕන ප්‍රධානම building blocks වල fundamentals ගැන. දෙවනි mini article එකෙන් අපි තව topic එකක් ගැන කතා කරමු.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara