GTA 6 පළමු trailer එක දෙසැම්බරයේදී

GTA 6 පළමු trailer එක දෙසැම්බරයේදී

පසුගිය නොවැම්බර් 8 වෙනිදා Grand Theft Auto ක්‍රීඩා නිෂ්පාදනය කරන Rockstar Games ආයතනය මීළඟ Grand Theft Auto 6 (GTA 6) සඳහා වන Trailer එක දෙසැම්බර් මස මුලදී නිකුත් කිරීමට බලාපොරෙත්තු වන බව තම X (Formerly Twitter) හි පල කළා.

අවසානයට එලිදැක්වූ GTA ක්‍රීඩාව වන Grand Theft Auto 5 නිකුත් කර වසර 10 කට වැඩි කාලයක් ගත වී තිබෙනවා, එම කාලය තුළ එහි පිටපත් මිලියන 185 කට වඩා අලෙවි වී ඇති අතර එය මෙතෙක් අලෙවි වූ හොදම දෙවන පරිගනක ක්‍රීඩාවයි.

ලබන මාසයේ Rockstar Games හි 25 වන සංවත්සරය සනිටුහන් වන අතර GTA 6 Trailer එක සංවත්සරය සමගාමීව එලිදැක්වීමට බොහෝ ඉඩකඩ තිබෙනවා.  

ලොව ජනප්‍රිය Gaming Streamers ලා මෙම නිවේදනයට මෙලෙස තම අදහස් එක් කලා.

ලොව පුරා සිටින පරිගනක ක්‍රීඩකයන් GTA 6 හි එලිදැක්වීම නොඉවසිල්ලෙන් බලා සිටින බව ඉතාම පැහැදිලිය.

Source: www.rockpapershotgun.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna