Software Engineeringවල අවසානයද; ලොව පළමු AI Software Engineer - Devin

ලොව පළමු වරට Cognition ආයතනය විසින් fully autonomous AI software engineer කෙනෙක්ව නිර්මාණය කරන්න සමත් වෙලා තියෙනවා. මේ AI Software Engineer නම් කර තියෙන්නේ Devin ලෙසින්.

Software Engineeringවල අවසානයද; ලොව පළමු AI Software Engineer - Devin

ලොව පළමු වරට Cognition ආයතනය විසින් fully autonomous AI software engineer කෙනෙක්ව නිර්මාණය කරන්න සමත් වෙලා තියෙනවා. මේ AI Software Engineer නම් කර තියෙන්නේ Devin ලෙසින්. මෙයා වෙහෙසක් නැති Skills හොදටම තියන කණ්ඩායම් සගයෙක් විදියටයි මොවුන් විසින් හඳුන්වා දෙන්නේ. Devin ට පරිශීලකයකු සමඟ මෙන්ම තනියම වුවද ලබා දෙන task එකක් complete කිරීමේ හැකියාව පවතින මොවුන් විසින් සදහන් කරනවා.

මෙයට තීරණ දහස් ගණනක වුවත්, අවශ්‍ය ඉතාමත් සංකීර්ණ Engineering Tasks සැලසුම් කර ක්‍රියාත්මක කරන්න හැකියාවක් පවතිනවා වගේම කාලයත් සමග ඉගෙනීම තුළින් දෝෂ අවම කරගැනීමේ හැකියාවෙන් ද සමන්විත වනවා.

අමතරව එදිනෙදා වැඩකටයුතු වලදි Software Engineers ලට අවශ්‍ය වෙන shell, code editor සහ browser වගේ tools සියල්ලක්ම sandboxed compute environment එකක සකස් කරල තියනවා.

Devin ට පරිශීලකයන් සමග ක්‍රියාකාරීව ගණුදෙනු කිරීමේ හැකියාවද පවතින අතර මේ ඔස්සේ Real time progress එකද, feedbacks ලබාගැනීමෙ හැකියාවද, සහ පරිශීලකයා සමග එකට වැඩකිරීමේ හැකියාවද ලබාදෙන බව Cognition ආයතනය වැඩි දුරටත් සදහන් කරනවා.

Devin ට කල හැකි කාර්යයන්


1. Unfamiliar Technologies පාවිච්චි කරන ආකාරය ඉගෙන ගැනීමේ හැකියාව.


2. Apps නිපදවීමෙ හා Deploy කිරීමේ හැකියාව.


3. Codebase එක තුල Bugs සොයාගැනීමේ සහ Fix කිරීමේ හැකියාව.


4. AI models train කිරීමෙ සහ fine-tune කිරීමේ හැකියාව.


5. Mature production repositories වලට සහභාගී වීමේ හැකියාව.


මේ වන විටත් ඔවුන් Upwork වෙබ් අඩවියේ පවතින Real Jobs, Devin යොදාගනිමින් සාර්ථකව අත්හදා බලා තිබෙනවා.


ඒ වගේම ඔවුන් මේ Model එක SWE-bench යොදා ගනිමින් Evaluate කර ඇති අතර, 13.86% ක පමණ GitHub issues ප්‍රමාණයක් විසදා ඇති බව වැඩිදුරටත් දක්වා තිබෙනවා. ඒ වගේම පෙර නිකුත් කල models වලින්, සමාන තත්ව යටතේදීම GitHub issues 4.80% ක ප්‍රමාණයක් පමණක් විසදීමට හැකිවී ඇත.


ලොව පළමු AI Software Engineer වන මේ Devin විසින් Software Engineering ක්ෂේත්‍රයට මොන ආකාරයේ බලපෑමක් ඇති කරයි ද කියන එක අපිට ඉදිරියේදී දැක බලා ගන්න පුලුවන් වෙයි.

Source: cognition-labs

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara