දුම්රිය ස්ථාන දෙකක් අතර ප්‍රවේශපත් මිල ගණන් පරික්ෂා කිරීමේ පහසුකම RDMNS.LK App එක සඳහා ලබා දේ

දුම්රිය මගීන් බොහෝ දෙනෙකු විසින් ඉල්ලු දුම්රිය ස්ථාන දෙකක් අතර ප්‍රවේශපත් මිල ගණන් පරික්ෂා කිරීමේ පහසුකම මේ වන විට මේ App එක සඳහා ලබා දෙන්න කටයුතු කර තිබෙනවා.

දුම්රිය ස්ථාන දෙකක් අතර ප්‍රවේශපත් මිල ගණන් පරික්ෂා කිරීමේ පහසුකම RDMNS.LK App එක සඳහා ලබා දේ

එදිනෙදා දුම්රිය භාවිත කරන මගීන්ගේ ජංගම දුරකථනවල සුලබව දකින්නට ලැබෙන RDMNS.LK App එක පිළිබඳව දුම්රියේ ගමන් කරන ඔබට නම් අමුතුවෙන් හඳුන්වා දීමට අවශ්‍ය නොවන බව නිසකයි. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට හඳුන්වා දුන් සජීවී සවිස්තරාත්මක දුම්රිය කාලසටහනෙන් සහ ආසන වෙන් කිරීමේ තොරතුරු ආදී තවත් සේවාවන් රැසක් මේ App එක හරහා සපයනු ලබනවා.

දුම්රිය මගීන් බොහෝ දෙනෙකු විසින් ඉල්ලු දුම්රිය ස්ථාන දෙකක් අතර ප්‍රවේශපත් මිල ගණන් පරික්ෂා කිරීමේ පහසුකම මේ වන විට මේ App එක සඳහා ලබා දෙන්න කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මේ නව පහසුකම මගින්,

  1. දුම්රිය ස්ථාන දෙකක් අතර දෙවැනි හා තුන්වන පන්තියේ සාමාන්‍ය ප්‍රවේශපත් මිල ගණන් පරික්ෂා කිරීම.
  2. දුම්රිය ස්ථාන දෙකක් අතර දුර පරීක්ෂා කිරීම.
  3. දුම්රිය ස්ථානයට දුරකථන ඇමතුම් ලබාගැනීමේ පහසුකම.
  4. දුම්රිය ස්ථාන දෙකක් අතර පුද්ගලික හා රාජ්‍ය වාර ප්‍රවේශපත් මිල ගණන් පරික්ෂා කිරීම.
  5. වාර ප්‍රවේශපත්‍ර අයදුම්පත Download කරගැනීමේ හැකියාව.

ආදි සේවාවන් ලබා ගත හැකි වනවා.

තවමත් ඔබ මේ RDMNS.LK App එක ලබා ගෙන නොමැති නම් Apple Store, Google Play Store සහ Huawei App Gallery ඔස්සේ නොමිලයේ ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna