පාලු ගොඩනැගිලි, බෑග් වල ඇති මළසිරුරු වැනි අද්භූත locations වලට පාර කියන Randonautica App එක

පාලු ගොඩනැගිලි, බෑග් වල ඇති මළසිරුරු වැනි අද්භූත locations වලට පාර කියන Randonautica App එක

ඉතින් මේ topic එක tech වගේම paranormal පැත්තටත් පොඩ්ඩක් නැඹුරු දෙයක්. මේ දවස් වල ගොඩක් රටවල TikTok trend එකක් විදිහටත් මේක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. (ලංකාවෙ TikTok වල නෙමේ) කෙටියෙන් ම මේ ගැන කීවොත් මේ Randonautica app එක වැටෙන්නේ Adventure app කියන category එකට. ඔවුන් හඳුන්වන විදිහට මේක තමා ලෝකෙ පළවෙනි quantumly generated locations දෙන app එක.

ඉතින් මෙතනදී මේ app එක use කරන කෙනාට quantum number generator එකක් හරහා random locations වලට coordinates හම්බෙනවා. ඔව්, මෙතන දී locations හම්බෙන්නේ අහඹු විදිහකට යි. විශේෂ ම දේ තමා එක තැනකදි මේ app එකෙන් අපිට කියනවා මොන වගේ දෙයක් සම්බන්ධයෙන් ද අපිට Discover කරන්න ඕනෙ කියලා. මේක හඳුන්වන්නේ intent කියන නමින් ඉතින් user ට පුලුවන් අවශ්‍ය keywords enter කරන්න. උදාහරණයක් විදිහට scary, creepy, fun වගේ වචනයක් ඊට එහාට ගියාම love, වගේ වචනයක්.

මේක paranormal වලට සම්බන්ධයි කිවුවේ මේකෙ creepy වගේ keywords වලින් අමුතු තැන් වලට location වැටිලා තියෙනවා. පාලු ලිං, කඳු මුදුන්, වතුර වලවල්.. මේක ගොඩක්ම ප්රසිද්ධ වුනේ මේ app එකේ location හොයන් ගියපු කට්ටියකට අන්තිමට suicaseඑකක දාපු මළ සිරුරු කොටස් හම්බෙලා තිබුනා.

ඒකත් එක්කම මේක TikTok වල ලොකු trend එකක් බවට පත් උනා. #randonautica ටැග් එකෙන් ඒ ගැන බලාගන්න පුලුවන්. TikTok වලින් උන ජනප්‍රියත්වයත් එක්ක තව තවත් ඒ වගෙ අද්භූත සිදුවීම් වාර්තා උනා.

ඉතින් මේ app එක develop කරලා තියෙන්නේ Randonautica LLC කියන සමාගම. ඔවුන් මේ අද්භූත සිදුවීම් අහම්බයන් විදිහටයි පෙන්වා දෙන්නේ කෙසේවෙතත් මේ සිදුවීම් ගැන තවම කිසිවක් හරියාකාරව ප්‍රකාශ කිරීමට කිසිම පාර්ශවයක් සමත් වෙලා නෑ.

ඉතින් මේ app එක use කරන්න ඔයත් ආසයි නම් Google play store සහ iOS app store වලින් මේක download කරන්න පුලුවන්.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara