Tesla සමාගම විසි​න් Cyber Truck ​සඳහා ඇණවුම් භාර ගැනීම ආරම්භ කර​යි

Tesla සමාගම විසි​න් Cyber Truck ​සඳහා ඇණවුම් භාර ගැනීම ආරම්භ කර​යි

මීට වසර කිහිපයකට පෙර එනම් 2019 වසරේ Tesla සමාගම ලෝකයේ Electric Vehicle (EV) වෙළඳපොලේ ප්‍රමුඛයා වී සිටියා. එනම් Tesla සමාගම විසින් නිකුත් කරන ලද Tesla Model 3, Model S සහ Model X රථවල ජනප්‍රියතාවය නිසායි. 

එම වසරේම Tesla සමාගම විසින් ඔවුන්ගේ පළමු සැහැල්ලු Pickup truck රථයක් වන Cyber truck එලිදැක්වූවා. මෙම නව Pickup රථයේ තිබූ Futuristic Design එක සමඟ ලෝකයේ අවදානය මෙයට එක්වුනා.

මෙහි බෙදා හැරීම් මුලින් සැලසුම් කර තිබුණේ 2021 වර්ෂය සඳහා ය. නමුත් Cyber truck හි Batteries වල බර වැඩිවීම සහ Bullet Proof Glass (වෙඩි නොවදින වීදුරු) වල මිල වැනි කාරණා නිසා එහි නිෂ්පාදන කටයුතු ප්‍රමාද වූවා. 

එහෙත් මීට දින කීපයකට පෙර එනම් 2023 නොවැම්බර් 30 වන දින සිට Cyber truck රථය ඇණවුම් කළ හැකි අතර 2024 වර්ෂයේ මැද සම්පූර්ණ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන බව Tesla සමාගම Cyber Truck Delivery Event එකෙහි ප්‍රකාශ කර සිටියා.

Cyber Truck හි මාදිලි 3 ක් හදුන්වා දුන් අතර Rear Wheel Drive, All Wheel Drive සහ Cyber Beast රථ වේ. Cyber Beast රථයට Horse Power 845 ක් සහ 0-60MPH වේගයක් තත්පර 2.6 ක කාලයකදී ලබා ගැනීමට හැකියාව තියෙනවා. තවද මාදිලි 3 සදහාම වෙඩි නොවදින ලෙස බඳ ඉතා ශක්තිමත්ව නිපදවලා තියෙනවා.

Tesla සමාගම 2024 දී Cyber trucks ඒකක 200,000 ක් නිෂ්පාදනය කිරීමටත්, ඉන් පසු 2025 දී ඒකක 250,000 ක් නිෂ්පාදනය කිරීමටත් අපේක්ෂා කරනවා.

Source: theconversation.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara