Bitcoins තමන්ගේ ගෙවීම් මාධ්‍යන්ගෙන් ඉවත් කිරීමට Tesla ආයතනය කටයුතු කරයි

Bitcoins තමන්ගේ ගෙවීම් මාධ්‍යන්ගෙන් ඉවත් කිරීමට Tesla ආයතනය කටයුතු කරයි

ඔබට මතක ඇති පසුගිය මාර්තු මාසයේ දි ඇමරිකාව තුල Tesla මෝටර් රථ මිලදි ගැනිම සදහා Bitcoin භාවිත කල හැකි බවට Elon Musk විසින් නිවේදනය කරනු ලැබුවා.

කෙසේ වෙතත් Elon Musk විසින් මෙලෙස Bitcoin මගින් Tesla මෝටර් රථ මිලදි ගැනිමට තිබු හැකියාව නවතා දමන්නට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඔහු විසින් Twitter සටහනක් මගින් දක්වා තිබෙන්නේ මින් පසු Bitcoin භාවිත කර Tesla මෝටර් රථ මිලදි ගත නොහැකි බවයි.

මේ සදහා හේතුව ලෙස ඔහු විසින් දක්වා තිබෙන්නේ Bitcoin Mining හා Transactions මගින් ෆොසිල ඉන්ධන භාවිතය, විශේෂයෙන්ම ගල් අගුරැ ඉතා වේගයෙන් භාවිතය ඉහල නැංවිම සිදු වෙන බවයි.  ගල් අගුරැ මගින් ඉතා වැඩි පරිසර දුෂණයක්ද සිදු වෙන බව මොහු දක්වා තිබෙනවා. ඒ අනුව Bitcoin Mining හා Transactions මගින් සිදු වෙන ඉන්ධන භාවිතයට වඩා 1% පමණ අඩු ඉන්ධන භාවිතයක් සිදු වෙන Cryptocurrency ඒකකයන් පිළිබඳව ඔවුන් මේ වෙන විට අවධානය යොමු කරමින් සිටින බවත් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් මේ Tweet එකත් සමග Bitcoinහි මිල පහත වැටුණු අතර එය ඇමරිකානු ඩොලර් 57,283.87ක සිට ඇමරිකානු ඩොලර් 46,294.72ක අගයන් දක්වා පහත වැටි තිබෙනවා. කෙසේ වෙතත් මේ වෙන විට නැවත Bitcoin මිල යථා තත්වයට පත් වෙමින් තිබෙනවා.

Source : Beebom, TradingView

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara