Telegram "Hide with Spoiler" පහසුකමට photos සහ videosද ඇතුළත් කිරීමට කටයුතු කර​යි

Telegram "Hide with Spoiler" පහසුකමට photos සහ videosද ඇතුළත් කිරීමට කටයුතු කර​යි

ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන Telegram වෙතින් පසුගිය මස දී Android සහ iOS පරිශීලකයන් සඳහා Photos සහ Videos Blur කිරීමේ පහසුකම ලබාදීමට කටයුතු කරන ලදී. මෙම පහසුකම මගින් පරිශීලකයන් හට වෙනත් පාර්ශවයන් වෙත යවනු ලබන ඡායාරූප සහ වීඩියෝ Blur කිරීම සඳහා අවස්ථාව සලසයි.

මෙම පහසුකම තුළ දී ඔබ හට එනම් පණිවුඩය යවන්නා හට Image 1 හි සඳහන් වන පරිදි අවශ්‍ය ඡායාරූපය හෝ වීඩියෝව තෝරාගත් පසු "Hide with Spoiler" භාවිතා කිරීම ඔස්සේ යවන ලබන පණිවුඩය Blur කිරීමට හැකියාව පවතී. පණිවුඩය ලබාගන්නා හට සෘජුවම එම පණිවුඩය නොපෙනෙන අතර එය මත Click කිරීමෙන් අනතුරුව අදාල පණිවුඩය නිරීක්ෂණය කිරීම සිදුකළ හැකිවේ.

එහිදී එම පණිවුඩය දිලිසෙන ස්ථරයකින් ආවරණය වන ලෙස පවතී. ඒ මත Click කිරීමෙන් අනතුරුව පැහැදිලි ඡායාරූපය නිරීක්ෂණය කළ හැකිය.

Hide with Spoiler පහසුකම භාවිතා කර යවනු ලැබූ ඡායාරූපයක් එම පණිවුඩය ලබන්න්නා හට නිරූපණය වන ආකාරය.
Blur වූ ඡායාරූපය මත Click කිරීමෙන් අනතූරුව එම ඡායාරූපය පෙනෙන ආකාරය.

කෙසේ වෙතත් තවත් විශේෂත්වයක් වන්නේ මෙලෙස Blur වූ ඡායාරූපය හෝ වීඩියෝව මත Click කර එය නිරූපණය වීමෙන් පසුව නැවතත් යෙදවුමෙන් හෝ අදාල Chat එකෙන් ඉවත් වී එම Chat එක වෙත නැවත පිවිසෙන විට අදාල ඡායාරූපය හෝ වීඩියෝව Blur විම සිදුවීමයි. එනම් ඔබ යම් ඡායාරූපයක් හෝ වීඩියෝවක් Hide with Spoiler භාවිතා කර යම් අයෙකුට පණිවුඩයක් ලෙස යවන්නේ නම් එය සෑම විටම ඔහුවෙත Blur වී දිස්වීම සිදුවේ.

මෙම සිත් ඇදගන්නා සුළු පහසුකම මේ වන විට බොහෝ පරිශීලකයන්ගේ පැසසුමට ලක්වී ඇති අතර මෙමගින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වීමට පිටුවහලක් සැපයීම මෙමගින් සිදුවේ. පාඨක ඔබටත් Telegram යෙදවුම යාවත්කාලීන කිරීම මගින් මෙම පහසුකම අත්විඳිය හැකිවේ.

Sources: telegram.org

Read more

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

TikTok විසින් Instagram වෙත තරඟයක් ලබා දීම සඳහා වන නව යෙදුමක් හදුන්වාදීමට කටයුතු කර තිබෙනවා. මෙය දැනට ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ තෝරාගත් Android සහ iOS පරිශී

By Thimira Thenuwara
Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ලොව අංක එකේ දුරකතන අලෙවිය සහිත වාර්තාව හිමි කරගෙන සිටි ඇපල් සමාගම 2024 පළමු කාර්තුවේදී අලෙවි වාර්

By Thimira Thenuwara