Profile Video, Group Stats, Improved People Nearby ඇතුලු තවත් features රැසකින් Telegram අලුත් වෙයි

Profile Video, Group Stats, Improved People Nearby ඇතුලු තවත් features රැසකින් Telegram අලුත් වෙයි

Telegram කියන්නේ ලෝකයේ තියෙන ප්‍රචලිත ම chatting apps වලින් එකක්. ඒ වගේම Telegram සහ WhatsApp අතර ලොකු තරඟයකුත් මතු වෙලා තියෙනවා. ඉතින් අලුත් profile picture features, file-sharing features වගේම group administrators ලටත් ලොකු purpose එකක් දෙන ගමන් අලුත් ම Telegram update එක release වෙලා තියෙනවා.

ඉතින් ඔයාට ඔයාගෙ static Telegram profile picture එක boring වගේ නම් ඒකට Telegram අලුත් update එකෙන් solution එකක් දීලා තියෙනවා. ඒ තමා video profile picture feature එක. මෙතනදී video එකෙ එක frame එකක් select කරලා ඔයාගෙ profile pic එකට use කරන්න පුලුවන්.

Telegram ලා කියන විදිහට "People nearby” feature එකත් ලොකු වෙනසක්. ඒක design කරලා තියෙන්නේ ඔයාගෙ vicinity එක ඇතුලේ ඉන්න අලුත් users ලා හදුනගන්න ඒගොල්ලො ඉන්න දුර පවා app එකට කියන්න පුලුවන්.

අනිත් වැදගත්ම feature එක තමා “Group Stats”. මේක ගොඩක් ම වැදගත් වෙන්නේ Telegram group administrators ලට. මේ තුලින් group activity එක track කරන්න ලේසී වෙනවා. ඒ වගේම graphs සහ charts තුලින් group activity බලාගන්නත් පුලුවන්. ඊට අමතරව messages ප්‍රමානය වගේම average message length එකත් බලාගන්න හැකියාව ලැබෙනවා.

තවත් වෙනසන් තමා desktop එකේ multiple accounts maintain කරන්න පුලුවන් කම ලැබීම. ඉතින් මේකට ඔයාට phone numbers දෙකක් උවමනා වෙනවා.

ඊට අමතරව අලුත් users ලගෙ chats automatically archive කිරීමට සහ mute කිරීමටත් feature එකක් තියෙනවා. ඒ වගේම මේ අලුත් update එක හරහා උපරිම 2GB වෙනකන් files යවන්නත් පුලුවන්.

දැන් මේ feature එක android සහ iOS කියන platforms දෙකටම globally release වෙලා තියෙනවා.

Source : The Economic Times

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara