Group chat සඳහා join වීම තවත් පහසු කිරීමේ සහ තවත් පහසුකම් කීපයක් එක් කරමින් Telegram Beta 7.5 නිකුත් කිරීමට කටයුතු කරයි

Group chat සඳහා join වීම තවත් පහසු කිරීමේ සහ තවත් පහසුකම් කීපයක් එක් කරමින් Telegram Beta 7.5 නිකුත් කිරීමට කටයුතු කරයි

Telegram කියන්නේ මේ වන විට ගොඩාක් ජනප්‍රිය Messaging App එකක්. ඒ වගේම පසුගිය දිනවල WhatsApp සදහා හදුන්වා දුන් නව Privacy Policy එකත් සමග Telegram Userලා සංඛ්‍යාව සිඝ්‍ර වශයෙන් වැඩි වුවා. මේ වන විට Telegram App එක සදහා මිලියන 500කට වැඩි Userලා ප්‍රමාණයක් සිටිනවා. මේ වන විට Telegram Beta Version එක සදහා නව Beta Version එකක් ලබා දි තිබෙනවා.

මේ Telegram Beta 7.5 Version එකත් සමග Telegram App එක සදහා QR Code Group Invite Feature එක, Android Devices සදහා Widget Feature එක, Message Auto-delete Timer Option එක වගේම Broadcast Group Feature එකත් ලබා දි තිබෙනවා.

Telegram Group සදහා QR Code එකක් මගින් Invite කිරිමේ පහසුකම මේ Beta Version එක මගින් ලබා දි තිබෙනවා. ඒ අනුව Group Ownerට මේ Inviting QR Code එක Generate කර ගත හැකි අතරම මෙය Scan කිරිම මගින් ඉට අදාල Group එක සමග එක් විය හැකි වෙනවා. ඒ වගේම මේ Beta Update එකත් සමග Invite Link සදහා Expire date එකක්ද එක් කල හැකි වෙනවා.

Widget Support for Android

Android Userලා සදහා Telegram Widget Feature එකත් මේ සමග ලබා දි තිබෙනවා. ඒ අනුව මේ Widget මගින් ඉතා ඉක්මනින්ම ඔබගේ අත්‍යවශ්‍යම Chats හා Channel වෙත පිවිසිය හැකි වෙනවා.

Messages Auto-delete Timer

Telegram Groups සදහා එහි Messages Auto Delete කල හැකි වෙන ලෙස Timing කල හැකි Auto-delete Timer Option එක මේ Beta Update එකෙන් ලබා දි තිබෙනවා. මේ Timer එක සදහා පැය 24 සිට දින 7ක දක්වා කාලයක් තුල Messages Auto Delete විමට සැකසිය හැකි වෙනවා.

Broadcast group

සාමාන්‍ය Telegram Group එකක් Broadcast Group එකක් බවට සැකසිමේ හැකියාව මේ Beta Version එක මගින් Adminලා සදහා ලබා දි තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය Group එකක Members Limit එක වෙන 200K සංඛ්‍යාව මේ Broadcast Group සදහා අදාල වෙන්නේ නැති වෙනවා. නමුත් මේ Broadcast Group නැවත සාමාන්‍ය Group එකක් බවට මාරැ කිරිමට නම් හැකියාවක් ලබා දි නැ.

මේ සියලු Features Telegram 7.5 Beta Version එක සදහා මේ වන විටත් නිකුත් කර ඇති අතර ඉදිරියේදි Telegramහි Stable Android Version එක සදහා ද මේ Features සියල්ලම ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Xda Developers

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna