ටෙලිග්‍රෑම් ආයතනය පොදු නාලිකා සඳහා වෙළඳ දැන්වීම් හදුන්වා දෙයි

ටෙලිග්‍රෑම් ආයතනය පොදු නාලිකා සඳහා වෙළඳ දැන්වීම් හදුන්වා දෙයි

වර්තමානයේ ඉතා ජනප්‍රිය යෙදුමක් වන Telegram විසින් Telegram Ad Platform නමින් වෙළඳ ප්‍රචාරකයන්ට තම දැන්වීම් පල කිරීම සඳහා නවතම වැඩසටහනක් දියත් කර ඇත.

විශේෂයෙන්ම Telegram හඳුන්වා දුන් මෙම නවතම දැන්වීම් වේදිකාව අනෙකුත් දැන්වීම් ප්‍රචාරණ ස්ථානවල සිදුවන දෙයට සාපේක්ෂව බොහෝ සෙයින් වෙනස් ආකාරයකට සිදු වේ. එම වෙනස්වීම මෙහි යම් පෙරළියකට හේතු වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

ප්‍රධාන වශයෙන්ම මෙහි ඇති විශේෂත්වයක් වන්නේ ඉලක්කගත නොවන දැන්වීම් ප්‍රචාරණයයි (Non-targeted advertising). එනම් පරිශීලකයන්ගේ data collect කර ගැනීමකින් තොරව ඔවුන්ගේ මනාපයන් හඹා යමින් දැන්වීම් ප්‍රචාරණය වීමක් සිදු නොවන බවයි. එය මෙම ad platform වැඩසටහන තුළ දී පරිශීලකයන්ගේ පුද්ගලික දත්තවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිදු කර ඇත.

එමෙන්ම දැන්වීම්කරුවන්ට තමාට අවශ්‍ය පරිදි භාෂාව සහ දැන්වීම දර්ශනය විය යුතු නාලිකා ද (specific channels) තෝරාගත හැක. මෙම දැන්වීම් පල කිරීම සදහා සුදුසුකම් ලබන නාලිකා පොදු නාලිකා (Public channels) විය යුතු අතර සාමාජිකයින් 1000 ට වඩා වැඩි විය යුතුය

කෙසේ වුවත් දැනට ඕනෑම අයෙක්ට දැන්වීම් පළ කළ නොහැකි අතර දැන්වීමක් පළ කිරීම සඳහා අවම වශයෙන් €2,000,000ක් ගෙවීමට සිදුවන නිසා එම මුදල ගෙවීමට හැකි ආයතන වලට පමණක් දැනට දැන්වීම් පළ කිරීමේ අවස්ථාව ලබා දී ඇත.

එම මුදලින් යූරෝ 1,000,000 ක් telegram විසින් තැන්පතුවක් ලෙස රඳවා තබා ගන්නා අතර ඉතිරි යූරෝ 1,000,000 දැන්වීම් ප්‍රචාරණය සඳහා අදාල ආයතනයට වෙන් කරයි. අදාළ කාලයට පෙර කොන්ත්‍රාත්තුව අවසන් කළේ නම් හෝ මාස 12ක් ඇතුලත දැන්වීම් සඳහා යූරෝ 1,000,000 කට වඩා අඩු මුදලක් යොදවා ඇත්නම් පෙර රඳවාගත් යූරෝ 1,000,000 මුදල telegram ආයතනය විසින් තබා ගන්නා අතර මාස 12ක් ඇතුලත අදාළ ආයතනය දැන්වීම් සඳහා යුරෝ 1,000,000 කට වඩා වියදම් කර ඇත්නම් පමණක් කලින් රඳවා ගත් යූරෝ 1,000,000 නැවත එම ආයතනයටම ලබා දෙයි.

එමෙන්ම, අනුග්‍රහය දක්වන පණිවිඩ බාධාකාරී නොවන බව සහතික කිරීම සඳහාත් Telegram  යෙදුම තුල වේදිකාවේ පරිශීලක අත්දැකීම පිරිහීමට ලක් නොවීමට ඔවුන් විසින් දැන්වීමක් සඳහා ඇතුලත් කල හැකි අක්ෂර ගණන 160කට සීමා කර ඇත.

Telegram ආයතනය පවසන පරිදි දැනට ලෝක ජනගහණයෙන් මිලියන 550කට අධික පරිශීලකයන් ප්‍රමාණයක් Telegram යෙදුම භාවිතා කරන අතර, මෙම යෙදුමේ ඉදිරි වැඩිදියුණු කිරීම් සහ පරිශීලකයින්ට තවත් නවතම අත්දැකීම් ලබා දීම සඳහා මෙම දැන්වීම් ප්‍රචාරණය මඟින් ලබා ගන්නා මුදල්‍ යොදවන බව මෙහිදී ඔවුන් සඳහන් කර ඇත.

Source: Telegram Ads Platform, BleepingComputer, Telegram Info Sinhala

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara