Antivirus 28ක ආරක්ෂාව අනතුරට

Antivirus 28ක ආරක්ෂාව අනතුරට

අපි සාමාන්‍යෙන් antivirus එකක් තෝරාගන්නේ පරිඝණකයක ආරක්ශාව සපයා ගැනීමට වුවත් මෑතකදී Rack911 Labs ආයතනය විසින් නිකුත් කල වාර්තාවකට අනුව ලොව ප්‍රචලිත නමක් උසුලන Microsoft Defender, McAfee Endpoint Security, Kaspersky Internet Security ඇතුළු antivirus මෘදුකාංග 28කට attacker කෙනෙකු හට වැදගත් files delete කිරීමේ හැකියාව ලබාදෙන ආකාරයේ vulnerability එකක් ඇති බවත්, අප විසින් බලාපොරොත්තු වන ආරක්ෂාව අවදානමට ලක්ව ඇත.

මෙම vulnerability එක "symlink race" ලෙස හදුන්වන බව Dr. Vesselin Bontchev පවසන අතර මෙම vulnerability මඟින් අදාල antivirus මෘදුකාංගයේ හෝ මෙහෙයුම් පද්ධතියට අදාල files, virus infected ආකාරයට symbolic link create කරලා එම files delete කිරීමට හැකියාව ලබා දෙනු ඇත. ඕනෑම virus guard එකක් Operatinf system එකක administrative privilege මත ක්‍රියාත්මක වන බැවින් මෙය ඉතාමත් පහසුවෙන් සිදු කල හැකිය

මෙය, Rack911 Labs විසින් Microsoft Windows, MacOS සහ Linux මෙහෙයුම් පද්ධති මත පරීක්ශා කර ඇති අතර අප්‍රේල් 20 වැනි දින නිකුත් කල වාර්ථාවට එම operating system එකට අදාලව මෙම vulnerability එක ඇති antivirus softwares පහත පරිදි වේ.

Image Source: RACK911 Labs

කොහොම වෙතත් මේ වෙනකොටත් අදාල antivirus මෘදුකාංග නිෂ්පාදනය කරන ආයතන විසින් මෙම vulnerability එකට පිලියම් යොදමින් තම මෘදුකාංග යාවත්කාලීන කර ඇත.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara