Suicide Squad නමින් ගේම් එකක්?

Suicide Squad නමින් ගේම් එකක්?

Rocksteady Studios, වෙන විදිහකට කීවොත් Batman: Arkham trilogy එකේ developers ලා, PSVR platform එකට Batman: Arkham VR release කරාට පස්සෙ gaming scene එකේ හිටියේ නෑ. ඔවුන්ගේ අන්තිම Batman game එක උන Arkham trilogy එකේ Batman: Arkham Knight release කරලා අවුරුදු පහකට කිට්ටු කාලයක් මේ වෙනකොට ගත වෙලා තියෙනවා. ඉතින් පල වෙන වාර්තා වලට අනුව Rocksteady ලා මේ වෙද්දි Suicide Squad එක base කරගෙන අලුත් game එකක් develop කරමින් ඉන්නවා.

ඉතින් මේ rumors spread වෙන්න පටන් ගත්තේ Resetera කියන gaming forum එකේ users ලා කීප දෙනෙක් DC ලගෙ Suicide Squad එකට අදාල domain names list එකක් හොයාගත්තට පස්සෙයි. Resetera users ලා point out කරපු තවත් වැදගත් දෙයක් තමා මේ domain names Warner Bros ලට connect උනු company එකකින් register කරලා තියෙනව කියන දේ. ඉතින් මේ rumor එක බොහෝ විට ඇත්තක් වීමෙ possibility එකක් තියෙන නිසා Rocksteady ල ගෙන් අපිට මේ game එක නුදුරේදී ම බලාපොරොත්තු වෙන්න පුලුවන්.

ඉතින් මේ list එකේ තිබුන domain names අතර “SuicideSquadKillTheJusticeLeague.com” කියන නම ප්‍රධාන තැනක් ගන්නවා. බොහෝ විට Rocksteady ලා වැඩ කරමින් යන game එක මේක වෙන්න පුලුවන්. “SuicideSquadGame.com”, “GothamKnightsGame.com” වගේ නමුත් ඒ අතරෙ සඳහන් උනා.

පල වෙන වාර්තා ට අනුව Suicide Squad game එකට කලින් Batman game එකකුත් එන්න ඉඩකඩ තියෙනවා. ඉතින් අපිට ලබන අවුරුද්දෙ දි බලාපොරොත්තු වෙන්න පුලුවන් next-gen Batman game එකකුත්.

Eurogamer ලට අනුව ලබන අගෝස්තුවෙ එන Warner Bros. ලගෙ event එකක් වන DC Fandome එකේදි මේ games දෙකේම teasers release කරන්න ඉඩ තියෙනවා.

ඉතින් මේ games දෙකම next-gen games විදිහට develop වෙන නිසා ඉදිරියේ එන PlayStation 5 සහ Xbox Series X කියන gaming consoles වල launch වෙයි කියල හිතන්න පුලුවන්.

Source: Eurogamer

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara