වැසිකිලි දොරවල් වල අලවා තිබෙන රූප දැකීමෙන් නිර්මාණය වූ Android Logo එක

හැමෝම දන්න Android මෙහෙයුම් පද්ධතියේ Logo එක ගැන තමයි අද අපි කතාකරන්න යන්නේ. 2007 වර්ෂයේදී මේ Android logo එක නිර්මාණය කරනු ලබන්නේ Googleහී Graphic Designer වරියක් ලෙස කටයුතු කල Irina Block විසින්.

වැසිකිලි දොරවල් වල අලවා තිබෙන රූප දැකීමෙන් නිර්මාණය වූ Android Logo එක

හැමෝම දන්න Android මෙහෙයුම් පද්ධතියේ Logo එක ගැන තමයි අද අපි කතාකරන්න යන්නේ. 2007 වර්ෂයේදී මේ Android logo එක නිර්මාණය කරනු ලබන්නේ Googleහී Graphic Designer වරියක් ලෙස කටයුතු කල Irina Block විසින්.

Irina Block

Android Mascot, එහෙමත් නැත්නම් Android Logo එක හදුන්වන්න Andy, Bugdroid වගේ නම් කිහිපයක්ම භාවිතා වෙනවා. මේ Andy කියන නම එන්න හේතුව නම් Android මුලාරම්භයට දායක වූ Andy Rubin. කෙසේ වෙතත් මේ Android Mascot ට Google සමාගමෙන් official Name එකක් නම් තවම ලබා දීලා නැහැ. ඉතින් මේ Andy ගෙන් රොබෝවරයෙක්ව තමා නිරූපණය වෙන්නේ. එලෙස ලොගෝව මගින් රොබෝවරයෙකු නිරූපණය විය යුතු බවට නිර්මාණයේදී තමන්ට ඉහලින් උපදෙස් ලැබුණ බව Irina සදහන් කරලා තියෙනවා.

මෙහි විශේෂම කරුණ නම් Irina හට මේ Andy ගේ මූලාකෘතියට අදහස පහල වෙලා තියෙන්නේ bathroom දොරවල් තුල ගැහැණු හා පිරිමි ලෙස අලවා තිබෙන රූප දැකීමෙන් වීමයි.

තවත් කරුණක් නම් Google සමාගම මේ Android Mascot ව නිර්මාණය කරන්නේ Open-Source Project එකක් ලෙසට. එනම් Android Mascotගේ මූලාකෘතිය Creative Commons 3.0 Attribution License එක යටතේ ඕනෑම කෙනෙකුට වෙනස් කිරීමට හැකියාව ලැබීමයි. ඉතින් අපේ Android වැඩකාරයෝ logo එක නිර්මාණය වෙලා තියෙන්නෙත් මේ Android Mascot ඇසුරෙන්.

2007 වර්ෂයේ නිර්මාණය කරන Android Mascotව මූලිකව අවස්ථා දෙකකදී වෙනස් කිරීම්වලට ලක්වුණා. අවසාන වශයෙන් වෙනස් කිරීමට භාජනය වූයේ 2019 වර්ෂයේදීයි. 2019 දී සිදුවූ වෙනස් වීමේදී අපේ Andy ට ඔහුගේ ශරීරය අහිමි වෙනවා.

එදා සිට මේ දක්වා සිදුවූ වෙනස්කම්

2007 වර්ෂයේදී මේ Android logo එක නිර්මාණය කිරීමෙන් වසර කිහිපයකට පසුව Google සමාගම හා Irina හට මෙම Android logo එක, 1990 වර්ශයේ නිකුත් වූ Gauntlet: The Third Encounter නම් කන්සෝල් ක්‍රීඩාවේ එන Game Character එකකින් සොරකම් කරා යැයි ප්‍රබල චෝදනාවක් එල්ල වෙනවා.

Gauntlet: The Third Encounter ක්‍රීඩාවේ එන Game Character එක

මෙම Game Character එකත් Android ලෙසම නම් කර තිබීමත් තවත් එක සැකයක් මතුවෙන කාරණාවක්. කෙසේ වෙතත් මෙම චෝදනාව Irina තරයේ ප්‍රතික්ශේප කල අතර Android Logo එක තමන් හා තම කණ්ඩායමේ ස්වනිර්මාණයක් බව වැඩිදුරටත් සදහන් කර තිබුණා.


ඔන්න එහෙනම් අපි අද Android Logo ගැන සෑහෙන දේවල් ටිකක් කතා කරා. එහෙනම් මේ වගේ ලිපියකින් ආපහු හම්බෙමු.

Sources: nytimes.com engadget.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara