Anonymous Hacker කණ්ඩායම Elon Muskට එරෙහිව නැගී සිටීමට සූදානම් බවට අනතුරු අඟවයි

Anonymous Hacker කණ්ඩායම Elon Muskට එරෙහිව නැගී සිටීමට සූදානම් බවට අනතුරු අඟවයි

Tesla සමාගමේ අයිතිකරු වන බිලියනපති Elon Musk විසින් Cryptocurrency තමන්ට අවශ්‍ය ආකාරයට පාලනය කිරීම මගින් විශාල පිරිසකගේ  "ජීවිත විනාශ කරන  බව" සුප්‍රසිද්ධ Anonymous Hackers කණ්ඩායම තර්ජනාත්මක වීඩියෝවක් මගින් සඳහන් කරනවා.

ලෝකයේ දැනට (ලිපිය ලියන අවස්ථාවේදී) තෙවෙන ධනවත් පුද්ගලයා වූ Elon Musk විසින් Memes, Emojis සහ වචන යොදාගනිමින් Cryptocurrency වල වටිනාකම හෑල්ලු කර ඇති බවත්, විශේෂයෙන් ඒ ආකාරයේ Coin විශේෂයක් වූ "Dogecoin" මගින් සමස්ත ගෝලීය වෙළඳපළයට අතිවිශාල බලපෑමක් සිදුකර ඇති බවත් මෙම කණ්ඩායම මෙම වීඩියෝව හරහා පවසා තිබෙනවා.

තවදුරටත් විස්තර කරන මොවුහු පවසන්නේ පසුගිය සිකුරාදා දිනයේදී Elon Musk විසින් Share කරන ලද Meme එකක් නිසා පමණක් සමස්ත Bitcoin වෙලඳපල 7% කින් පහළ ​ගිය බව යි.

අනතුරු ඇඟවීමේ වීඩියෝවේ පෙනී සිටි පුද්ගලයා සමස්ත ඇනෝනිමස් කණ්ඩායම නියෝජනය කරමින් පවසා තිබෙන්නේ  "Elon Musk විසින් සාමාන්‍ය පුද්ගලයන් කෙරෙහි ඇති අවධානය නොසලකා හැර තනි තීරණ ගනිමින් සිටින බවයි".

මේ ආකාරයට තම අභිමතය පරිදි සමස්ත ගෝලීය Cryptocurrency වෙළඳපළ පාලනය කිරීමට සහ ඒකාධිකාරය ලබාගැනීමට තම කණ්ඩායම ඉඩ නොදෙන බව තර්ජනාත්මකව Anonymous කණ්ඩායම විසින් සඳහන් කර තිබෙනවා.

Elon Musk ට තර්ජනය කරමින් හා අනතුරු අඟවමින් Anonymous විසින් තර්ජනාත්මක වීඩියෝව අවසන් කරේ පහත ආකාරයටයි.

"ඔබ සිතන්නේ කාම​රයේ ඉන්න දක්ෂතම පුද්ගලයා ඔබ කියා ද? නමුත්, ඔබට දැන් නියම තරඟකරුවා හමුවුණා. අපි "ඇනෝනිමස්", අපි "සේනාවක්", අපිව බලාපොරොත්තුවෙන් ඉන්න"

Source: Coindesk

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara